සම්භාව්‍ය සාහිත්‍යගත භාෂා පරිවර්තන ක්‍රමවේද | Translation Methods in Classical Literature
මෙහි මුල් ක්‍රමවේද අට ඩග්ලස් එච්. රොබින්සන් (Douglas H. Robinson) ගේ Becoming a Translator කෘතියේ එන 'පාඨ විශ්වාස්‍යතා ප්‍රවර්ග' (Types of Text Reliability) අනුසාරයෙනි (Robinson, 2003: 12). 1. Literalism/ අනුපදීකරණය - පරිවර්තනයක් බව පැහැදිලි ව පෙනෙන සේ මුල් කෘතිය පදයෙන් පදය සිය බසට පෙරැළීම 2. Foreignism/ විභාෂාකරණය - පරිවර්තනයක් බව ඇඟැවෙන සේ මුල් කෘතියෙහි භාෂා සංස්ථිතික ලක්ෂණ සිය බසෙහි රැඳෙන සේ පෙරැළීම 3. Fluency/ ව්‍යක්තකරණය - පරිවර්තනයක් දැ යි සිතාගත නොහැකි වන ලෙස මුල් කෘතියේ භාෂා සංස්ථිතික ලක්ෂණ සඟවා සිය බසට පෙරැළීම 4. Summary/ සාරාංශකරණය - මුල් කෘතියේ අතිදීර්ඝ, පුනරුක්තික, අනවශ්‍ය ස්ථාන කෙටි කොට සිය බසට පෙරැළීම 5. Commentary/ විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් වඩාත් විස්තරාත්මක ව ප්‍රකට වන පරිදි පැහැදිලි කරමින් සිය බසට පෙරැළීම 6. Summary-Commentary/ සාරාංශ-විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් හකුළුවමින් ද ඇතැම් තැන් වඩාත් විස්තර කරමින් ද සිය බසට පෙරැළීම 7. Adaptation/ අනුවර්තනය - මුල් කෘතියේ වස්තුව පමණක් ගෙන එහි බොහෝ සංස්කෘතික ලක්ෂණ හළා සිය රටෙහි සංස්කෘතික ලක්ෂණවලට සීහෙන පරිදි ස...