Posts

Showing posts from June, 2021

පාරු පාලමෙන් කොළඹට - ගීත විචාරය

දහ නව වන සියවසේ අග කොළොම් පුරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් වර්ණනා කරමින් අශෝක කෝවිලගේ රචනා කළ මේ ගීතය ඓතිහාසික විශිෂ්ටතාවක් සහිත නිර්මාණයෙකි. රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙය සුනිල් එදිරිසිංහ මනරම් ලෙස ගැයුවේ ය. "පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා ගෑස් පහට ළං වෙන කොට අපි හොඳට ම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා" මෙහි කථකයා නුවර පළාතේ සිට වෙළෙඳ කටයුතු සඳහා ගැල් පෙළකින් කොළොඹ කොටුවට යන එන තරුණයෙකි. ග්‍රෑන්ඩ් පාස් පාරු පාලමෙන් කැලැණි ගඟ තරණය කොට ඔහු රැගත් ගැල් පෙළ කොළොඹ නගරයට සැපත් වෙයි. 'ග්‍රෑන්ඩ් පාස්' (grande passe) යනු පුර්තුගීසි බසින් 'මහ මංකඩ' හෙවත් 'ප්‍රධාන ප්‍රවේශය' යි. නාගලගම් වීදියත් පෑලියගොඩත් යා කරමින් පැවැති පාරු පාලම 1825 සැප්තැම්බර් මස 14 දා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් විවෘත කරන ලදුව 1895 මැයි 24 දා වික්ටෝරියා පාලම විවෘත කරන තුරු කොළොඹට තුබුණු ප්‍රධාන ම ප්‍රවේශය විය. තරුණයා පිටකොටුවට ළඟා වන විට බොහෝ හවස් වී ඇත. එබැවින් සෙක්කු වීදිය, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය, කෙළින්...