Posts

Showing posts from April, 2016

නූතන සිංහලයා ගේ කණ පිට අවුරුදු සිරිත!

නූතන සිංහලයා තරම් කණ පිටට වැඩ කරන අන් කිසි ජාතියක් ගැන අපි නො දනුමු. කළ යුතු බොහෝ දෑ කණ පිටට කිරීම ඔහුට ඇබ්බැහියක් වී ඇත. කුමාරතුංග මුනිදාස, අනගාරික ධර්මපාල, E. W. අදිකාරම්, ගංගොඩවිල සෝම හිමි වැනි වියතුන් එ සේ කණ පිට ගැසූ බොහෝ දෑ හොඳ පිට ගැසිය යතු සැටි නොයෙක් වර පෙන්වා-දී තිබේ. එ හෙත් නූතන සිංහලයා ඒ කිසිවක් නෑසූ කනින් නුදුටු ඇසින් යුතු ව යෙහෙන් පසු වේ. ඔහු කණ පිටට කරන දෑ අතර ආගමික සහ සංස්කෘතික චාරිත්‍ර බොහෝවෙකි. සිංහල අවුරුද්ද ළඟ එන බැවින් මේ අවුරුද්දේ වත් හොඳ පිටට ඉටු කරනු පිණිස එක චාරිත්‍රයක් ගැන පමණක් ලියමු. අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් පිළිබඳ ව අනාදිමත් කලෙක පටන් පඤ්චාංග ලිතේ සඳහන් වන්නේ ‘වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය’ යන පිළිවෙළට ය. ලිතේ ඇත්තේ කෙ සේ වෙතත් නූතන සිංහලයා මේ චාරිත්‍රය ඉටු කරනුයේ රූප පෙට්ටියේ පෙන්වන හැටියට ය. එ නම් ‘ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩඇල්ලීම’ යන පිළිවෙළට ය. මේ නිසා බොහෝ අය නැකැතට කිරිබතුත් කා, ගනුදෙනුත් කොට අන්තිමට වැඩ අල්ලන විට නැකැතට ගෙවී ගොස් හමාර ය. ලිතේ සඳහන් පිළිවෙළත් වැඩේ කැරෙන පිළිවෙළත් පරස්පර බව නූතන සිංහලයා මොහොතකට වත් ...