Posts

Showing posts from 2016

මනමේ කුමරු මිය ගොස් බොහෝ කලකට පසු විජය නන්දසිරි ද මිය ගියේ ය

Image
අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි ගැන අදහස් දක්වමින් අගමැතිතුමා කියා ඇත්තේ චරිතාංග රංගන ශිල්පියකු වී නම් විජයට බොහෝ දුර යා හැකි ව තුබුණු බවෙකි. විසිහත් වසරක් මනමේ කුමාරයාට රඟපෑ විජය නන්දසිරි ගැන අගමැතිතුමා දන්නා තරම ඒ ප්‍රකාශයෙන් හෙළි වේ. එහෙත් එය අගමැතිතුමා ගේ තවත් පිස්සු කතාවක් ලෙස ඉඳුරා බැහැර කිරීම යෝග්‍ය නො වේ. විජය නන්දසිරි නම් චරිතාංග රංගන ශිල්පියාට සිදු වූයේ කුමක් දැ යි කල්පනා කැර බැලීමට ඒ ප්‍රකාශය හොඳ නිමිත්තක් කැර-ගත හැකි ය. මේ සටහනේ සිරස ලෙස තබා ඇත්තේ විජය නන්දසිරිට වූ සන්තෑසිය එක්තරා විචාරකයකු දුටු අන්දම යි. විජය නන්දසිරිට පූර්වකාලීන ප්‍රවීණයකු වූ ජෝ අබේවික්‍රම ස්වකීය රංගන ජීවිතයේ මුලින් මුලින් රඟපෑවේ විකට චරිත ය. ‘අල්ලපු ගෙදර’, ‘බඩුත් එක්ක හොරු’, ‘සාරවිට’, ‘කොළොඹ සන්නිය’, ‘රන්මුතු දූව’, ‘තුෂාරා’ වැනි බොහෝ චිත්‍රපට ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකි ය. එහෙත් හාස්‍යෝත්පාදක රංගනයට සීමා නො වූ හෙතෙමේ ‘වැලිකතරේ’ ගෝරිං මුදලාලි, ‘තුන්මංහන්දියේ’ අබිලිං මාමා, ‘මලට නො එන බඹරුහි’ හාමු මහත්තයා වැනි චරිත ඔස්සේ චරිතාංග රංගනයට පිවිස ස්වකීය ජීවිතයේ අවසාන භාගය ‘පුරහඳ කළුවර’ වැනි විශිෂ්ට ගණ...

භාරතීය බමුණු පඬිවර ක්ෂීර ස්වාමීනට කුමාරතුංග මුනිදාස කළ හදිය!

දේශපාලන විචාරකයකු වසයෙන් කුමාරතුංග මුනිදාසයන් කළ කී දෑ නිසි පමණ කතාබහට ලක් වනු අසන්නට නො ලැබෙන තරමි. එ බඳු කතාබහකට යම් පමණකට හෝ ප්‍රවේශයක් සැපැයූ එක මැ තැනැත්තාණෝ ‘කුමාරතුංග ගේ සමාජ දර්ශනය’ රචනා කළ හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ යැ. භාරතයේ සංස්කෘතික සහ දේශපාලනික බල ව්‍යාප්තිය හෙළ දිවැ ස්වෛරී භාවයට හානි පමුණුවන ආකාරය එ දා කුමාරතුංගයන් මැනැවින් විශ්ලේෂණය කොටැ තිබේ. ස්වදේශ මිත්‍රයා, ලක් මිණි පහන, සුබස, The Helio වැනි පුවත්පත් සඟරා ආදියට ඔවුන් සැපැයූ ලිපි ඉඳුරා මැ ඒ අදහස් පළ කරයි. මේ තතු නැවැත නැවැතත් විමැසීම කාලෝචිත වන්නේ ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වසයෙන් හෙළ දිව ගිල-ගැනීමට භාරතීය එට්කා ආක්‍රමණය සැරැසෙමින් සිටිනා බැවිනි.  වරක් දේවානම්පිය තිස්ස රජු ගැනැ ලියූ කුමාරතුංගයෝ ඔහු භාරතයට පරම දීනයකු වැ සිටි බව සසාධක වැ සනාථ කළහ. ඔවුන් ගේ විග්‍රහය අනුව ලිස්බනයට දීන වැ සිටි දොන් ජුවන් ධර්මපාල රජු ද එතරම් දීනයෙක් නො වී යැ. හුදු බල ලෝභය නිසා මහා ජන සංහාරයක් කළ භාරතයේ අශෝක රජු ‘ධර්මාශෝක’ කිරීමත්, බුදු සසුනේ චිරස්ථිතිය පිණිස යුද වැදුණු හෙළ දිවැ ගැමුණු රජු ‘දුෂ්ට ගාමිණී’ කිරීමත් භාරතයේ කුමන්ත...

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ මහා පරිහානිය

             ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ශීඝ්‍ර පරිහානියකට පත් වෙමින් තිබේ. 1 ජගත් ශ්‍රේණිගත කිරීම්වලට ( World Ranking ) අනුව මේ වන විට සිරි ලක විශ්වවිද්‍යාලයයන් පවතින්නේ අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යවල විශ්වවිද්‍යාලයවලට ද වඩා පහත් අඩියක ය. උගණ්ඩාව, ඉතියෝපියාව, සිම්බාබ්වේ වැනි රටවල ප්‍රධාන විශ්වවිද්‍යාලය සියල්ල මෙරට සරසවිවලට වඩා ඉහළ තත්ත්වයකට හිමිකම් කියයි. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාලයයන් ප්‍රකට වී තිබෙන්නේ ආධ්‍යාපනික ගුණාත්මක භාවය ගැන නො ව ප්‍රචණ්ඩත්වය, අන්තවාදී ශිෂ්‍ය දේශපාලනය, වර්ජන, අවඵලදායීතාව ( low productivity ) සහ සදාචාර පරිහානිය ගැන යි.               මෙබඳු ඛේද ජනක තත්ත්වයකට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයයන් ඇද-දැමූ සාධක කවරේ ද යන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා පෙන්වා-දෙයි. ඔහු දක්වන පරිදි ලාංකේය විශ්වවිද්‍යාලයවල මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ගෙන් සියයට අනූවක් දෙනා නිසි සුදුසුකම් හා ඇසූ-පිරූ තැන් ඇ...