Posts

Showing posts from August, 2023

ජේ. බී. දිසානායක සූරීන් ගේ අං-වලිග හෝඩි මුළාව

Image
සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් ජාත්‍යන්තර සිංහල හෝඩියට ඥ අක්ෂරය එක් කළ බවක් කියමින් සුනිල් දෑරංගල සූරීන් ලියා ඇති සටහන සම්පූර්ණයෙන් ම පාඨකයා නොමඟ යවනසුලු කරුණින් මුළාවට වැටී ලියා ඇති එකක් බව නො කියා බැරි ය. මේ වනාහි අප හිතවත් ජේ. බී. දිසානායක සූරීන් හිතා මතා ගොතා කියන කතාවකි. මේ කතාවෙන් සුනිල් දෑරංගල සූරීන් වැන්නවුන් පවා මුළාවට වැටී ඇති බවක් පෙනෙන කලැ සෙස්සවුන් ගැන කවර කතා ද?  මීට දශක දෙකහමාරකට පෙර 1998 දී ජේ. බී. දිසානායක සූරීන් ග්‍රීසියේ ක්‍රීට් නුවරට ගිය බව සැබෑ ය; එහි පැවැති සමුළුවකට සහභාගි වූ බවත් සැබෑ ය. එහෙත් එය හෝඩි සමුළුවක් නො වේ. ඒ වනාහි ජගත් විශ්වකේත සාමූහිකත්වය (International Unicode Consortium) විසින් ඇතැම් භාෂාවල විශ්වකේත සම්මත කිරීම සඳහා පැවැත්වුණු සමුළුවකි. විශ්වකේත පද්ධතියේ ලොව හැම භාෂාවකට ම අදාළ රූපාක්ෂර කේත ඵලකයක් (character code table) සහ රූපාක්ෂර නාමාවලියක් (character name list) ඇත. ජේ. බී. දිසානායක සූරීන් ප්‍රමිති ආයතනය වෙනුවෙන් ඒ සමුළුවට ගිය ශ්‍රී ලාංකික නියෝජිතයා ය.  සිංහලයනට යතුරු ලිවීමට ඇවැසි තාක් සියලු ම අක්ෂර (letters) සහ රූප (forms) නිර...