Posts

Showing posts from December, 2020

සම්භාව්‍ය සාහිත්‍යගත භාෂා පරිවර්තන ක්‍රමවේද | Translation Methods in Classical Literature

මෙහි මුල් ක්‍රමවේද අට ඩග්ලස් එච්. රොබින්සන් (Douglas H. Robinson) ගේ Becoming a Translator කෘතියේ එන 'පාඨ විශ්වාස්‍යතා ප්‍රවර්ග' (Types of Text Reliability) අනුසාරයෙනි (Robinson, 2003: 12).   1. Literalism/ අනුපදීකරණය - පරිවර්තනයක් බව පැහැදිලි ව පෙනෙන සේ මුල් කෘතිය පදයෙන් පදය සිය බසට පෙරැළීම 2. Foreignism/ විභාෂාකරණය - පරිවර්තනයක් බව ඇඟැවෙන සේ මුල් කෘතියෙහි භාෂා සංස්ථිතික ලක්ෂණ සිය බසෙහි රැඳෙන සේ පෙරැළීම 3. Fluency/ ව්‍යක්තකරණය - පරිවර්තනයක් දැ යි සිතාගත නොහැකි වන ලෙස මුල් කෘතියේ භාෂා සංස්ථිතික ලක්ෂණ සඟවා සිය බසට පෙරැළීම 4. Summary/ සාරාංශකරණය - මුල් කෘතියේ අතිදීර්ඝ, පුනරුක්තික, අනවශ්‍ය ස්ථාන කෙටි කොට සිය බසට පෙරැළීම 5. Commentary/ විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් වඩාත් විස්තරාත්මක ව ප්‍රකට වන පරිදි පැහැදිලි කරමින් සිය බසට පෙරැළීම 6. Summary-Commentary/ සාරාංශ-විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් හකුළුවමින් ද ඇතැම් තැන් වඩාත් විස්තර කරමින් ද සිය බසට පෙරැළීම 7. Adaptation/ අනුවර්තනය - මුල් කෘතියේ වස්තුව පමණක් ගෙන එහි බොහෝ සංස්කෘතික ලක්ෂණ හළා සිය රටෙහි සංස්කෘතික ලක්ෂණවලට සීහෙන පරිදි ස...

"දදය ඔබ ගෙ පාළු යකා"

Image
උපුල් ශාන්ත සන්නස්ගල (සන්නා) අද උදාසන සිංහල පාඩමක් උගන්වා තිබේ. ඒ පාඩම රැ. තෙන්නකෝනුන් ගේ 'කුකුළු හැවිල්ල' ගැන ය. සන්නා කියන්නේ "...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." කියා ය.  මේ අර්ථ නිරූපණය සන්නා ස්වයංභූ ඥානයෙන් පහළ කැරැගත් එකෙක් නො වේ. මේ වනාහි සුචරිත ගම්ලතුන් ගෙන් උළා කෑ දැනුම යි. කා ගෙන් උළා කෑවක් වුව ද මේ කරුණ සපුරා ම වැරැදි ය. සන්නා දන්නා තෙන්නකෝන් කෙනක් ද නැත; 'කුකුළු හැවිල්ලක්' ද නැත. තකහණියක් මෙය ලියන්නේ සන්නා ගේ වාචාල කෙප්පය අසා මුළා වූ ගුරු සිසු පිරිස උදෙසා ය.    'කුකුළු හැවිල්ල' පැදි පෙළ ඇතුළත් වන්නේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" නම් පැදි පොතේ ය. "හැවිල්ල"වනාහි පිටු 112කින් යුතු කුඩා කවි පොතෙකි. රැ. තෙන්නකෝනුන් එය ලියා හමාර කොට එහි අත් පිටපත කුමරතුඟු මුනිදසුන් වෙත රැගෙන ගියේ 1940 සැප්තැම්බර 07, වැනි දා, සෙනසුරාදා ය. අනතුරු වැ කුමාරතුංග මුනිදාසයන්, ජයන්ත වීරසේකරයන්, රැ. තෙන්නකෝනුන් ඇතුළු පිරිස එය කියවා බලා නැවැත සකසා පාණදුරේ පහන් පහරෙහි  මුද්‍රණය කොට පළමු වැනි වරට පළ කෙළේ 1940 දෙසැම...

හැවිල්ල අසූ විය සපුරයි!

Image
1940 දෙසැම්බර 01 වැනි දා එළි දුටු රැයිපියෙල් තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොත 2020 දෙසැම්බර 01 වැනි දා අසූ විය සැපිරී ය. එහි ආ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් සුනිල් සාන්තයන් ගේ සර හා හඬ හා මුසු ව ගීයක් බවට පත් වැ හැත්තෑ පස් වසරක් වත් වෙයි. එහෙත් ඇතැමෙක් තව මත් එයට හරි හැටි අරුත් බණන්නට ද නොපොහොසත් ය. රැ. තෙන්නකෝනුන් විසින් ලියැවුණු "හැවිල්ලේ" අත් පිටපත කුමාරතුංග මුනිදාසයන් වෙත ලැබුණේ 1940 සැප්තැම්බර 07 වැනි දා, සනි දා ය. ඒ බව 1940 සැප්තැම්බර 09 වැනි දා, සඳු දා නිකුත් වූ 'සුබසෙහි' 2 වැනි වෙළුමේ 8 වැනි කලබේ 128 වැනි පිටුවේ සඳහන් වේ. එහි "හැවිල්ලේ" වස්තු සාරයත් 'කුකුළු හැවිල්ල' මුලින් ලියැවී තුබුණු සැටිත් එය ගැයිය යුතු විරිතත් සඳහන් වේ.  මෙහි උපුටා දැක්වෙන්නේ එහි දැක්වුණු මුල් 'කුකුළු හැවිල්ල' යි. එය "හැවිල්ල" පැදි පොතෙහි පළ වූයේ කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර දෙ වියතුන් ගේ ද පහසට පත් වැ අද අපට අසන්නට ලැබෙන 'කුකුළු හැවිල්ල' බවට පත් වූ පසු ය. රැ. තෙන්නකෝන් විසින් ලියැවුණු මුල් 'කුකුළු හැවිල්ලට' වඩා පසු ව...