Posts

Showing posts from July, 2018

උදේ ම ක්ලැරන්ස් කෙනකු හමු වුණෙමි...

දුම්රිය රිච්මන්ඩ් කන්දෙන් පිටත් වූයේ පාන්දර පහ යි පහට ය. රෑ තිස්සේ නිඳි වැරීමෙන් විඩාවට පත් ව සිටි මා දුම්රියට ගොඩ වූයේ ම කොළොඹට ළඟා වන තුරු සැප නින්දක් ලැබීමේ අපේක්ෂාවෙනි. ටිකක් වැඩි මිලක් දී දෙ වැනි පංක්තියේ අසුනකට වරපත ලැබූයේ ද සැප නින්ද එ තරම් ම වැදැගත් නිසා ය. ඇත්තෙන් ම පැය දෙක හමාරක් පමණ ගත වන තුරු මට සැප නින්දෙක් ලැබිණි. හීනයක් දෙකක් පෙනුණු බවට ද ළා මතකයෙක් තිබේ. මා එක වර ම උඩ විසි වී අවදි වූයේ කන උඩ වැයුවා සේ ඇසුණු බොක්ස් ගිටාර නාදයෙකිනි. මම තිගැස්සී වට පිට බැලුවෙමි. බොක්ස් ගිටාරයක් බදාගෙන මා අසලින් ම හිටගෙන සිටියේ කාල වර්ණ තුංග දේහධාරි පුරුෂයෙකි. ඔහු ගේ අක් බඹරු කෙස්සට හුඟ කලෙකින් පණාවක් පෙන්වා නැත. රවුල ද දින දෙක තුනෙකින් ම රේසර් පහසක් ලබා නැත. රතු පැහැති ටී-කමිසයකුත් නිල් පැහැති ඩෙනිම් කලිසමකුත් හැඳ සිටි ඔහු තුරුණු වියෙහි අග්ගිස්සෙහි පසු වෙති යි සිතමි. ඔහු එක් උරහිසෙක එල්ලාගෙන සිටින්නේ මා ගේ නින්ද කැඩූ බොක්ස් ගිටාරය යි. එ නිසා ම මම ඒ දෙස විමැසිල්ලෙන් බලමි. එ වැනි බොක්ස් ගිටාරයක් මා දැක්කා ම ය. ගිටාරයෙහි ලී පැසට උඩ යකඩ රාමුවක් සවි කොට තිබේ. ඒ රාමුවෙහි උඩින් ම ඇත්තේ එෆ්. ...