Posts

Showing posts from 2021

මහා විහාරයට මුවා වී බයිබල් අච්චුවට බුද්ධ ධර්මය බැස්සීමේ තැතක් ද???

කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ගමගේ මහාත්මා විසින් පසු ගිය මාස කිහිපයක් තිස්සේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය බිහේෂ් සම්පත් ආදීන් අරබයා කැරුණු විවිධ ශාස්ත්‍රීය (?) විවේචනවල දී පුනරුක්ත කැරුණු උද්ධෘත පාඨ හා පාරිභාෂික පද හා කිහිපයක් කෙරෙහි අප ගේ විශේෂ අවධානය යොමු විය. ඒවා ක්‍රිස්තු ධර්ම අධ්‍යයන ක්ෂේත්‍රයෙන් උදුරාගත් බව බැලු බැල්මට පෙනුණ නමුත් මඳක් හෝ ඒ ගැන හැදෑරීමෙන් තොර ව ඒ ගැන ලිවීමට අපි මැළි වූමු. දැන් ඒ හැදෑරුම අවසන් බැවින් එතුමා ඒවා උකහාගත් තැන් කවරේ ද යනු එතුමා වටා රොක් වී සිටින පැවිදි, උපැවිදි, නොපැවිදි ඈ සකල විධ බෞද්ධ විද්වතුන් ගේ ද පොදු සිංහල බෞද්ධ ජනයා ගේ ද පහන් සංවේගය පිණිස මෙසේ හෙළි දරවු කරමු.  1. "පරිවර්තනයක් කියවනවා කියන්නේ වේල් එක පිටින් මනමාලි ඉඹගන්නවා වගේ" - අරුණ ගමගේ “Reading the Bible in translation is like kissing your new bride through a veil” - එච්. එන්. බියාලික් මේ වනාහි රාජ් සෝමදේව මහතා ගේ මහාවංස පරිශීලනය ගැනත් බිහේෂ් සම්පත් මහතා ගේ නාට්‍යශාස්ත්‍ර පරිශීලනය ගැනත් අරුණ ගමගේ මහතා යෙදූ ව...

පාරු පාලමෙන් කොළඹට - ගීත විචාරය

දහ නව වන සියවසේ අග කොළොම් පුරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් වර්ණනා කරමින් අශෝක කෝවිලගේ රචනා කළ මේ ගීතය ඓතිහාසික විශිෂ්ටතාවක් සහිත නිර්මාණයෙකි. රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙය සුනිල් එදිරිසිංහ මනරම් ලෙස ගැයුවේ ය. "පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා ගෑස් පහට ළං වෙන කොට අපි හොඳට ම හවස් වුණා සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා" මෙහි කථකයා නුවර පළාතේ සිට වෙළෙඳ කටයුතු සඳහා ගැල් පෙළකින් කොළොඹ කොටුවට යන එන තරුණයෙකි. ග්‍රෑන්ඩ් පාස් පාරු පාලමෙන් කැලැණි ගඟ තරණය කොට ඔහු රැගත් ගැල් පෙළ කොළොඹ නගරයට සැපත් වෙයි. 'ග්‍රෑන්ඩ් පාස්' (grande passe) යනු පුර්තුගීසි බසින් 'මහ මංකඩ' හෙවත් 'ප්‍රධාන ප්‍රවේශය' යි. නාගලගම් වීදියත් පෑලියගොඩත් යා කරමින් පැවැති පාරු පාලම 1825 සැප්තැම්බර් මස 14 දා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් විවෘත කරන ලදුව 1895 මැයි 24 දා වික්ටෝරියා පාලම විවෘත කරන තුරු කොළොඹට තුබුණු ප්‍රධාන ම ප්‍රවේශය විය. තරුණයා පිටකොටුවට ළඟා වන විට බොහෝ හවස් වී ඇත. එබැවින් සෙක්කු වීදිය, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය, කෙළින්...