සත්ත්වෝද්‍යාන ප්‍රශ්නය
'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන වදන්වලැ දොස් හැරැ පාමින් විජයපාල වීරවර්ධනයන් සැපැයූ ලිපියත්, ‘තිරිසන් උයන’ සිහිකොටැ දෙමින් හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියත්, ‘සත්ව උයනෙහි’ වරද කියා පාමින් 2011ක් වූ නොවැම්බර 06 වැනි දා ‘පුන්කලසට’ පේරාදෙණි සරසවියේ දිලිනි ආරියවංශයන් සැපැයූ ලිපියත් කියැවූ අපට මෙසේ අදහස් දක්වනු රිසි වියැ. 'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන යෙදුම් සදොස් යැ යි විජයපාල වීරවර්ධනයන් දරන අදහස හා අපිදු එක හෙළා මැ එකඟ වෙමු. ඒ වදන් වෙනුවට ‘සත්ව උයන’ යැ යි කිව හැකි බවක් ද එතුමෝ එහි ලා පවසත්. එතුමන් දක්වන ‘සත්ව උයනෙහි’ වැරැදි දෙකෙක් වේ. පළමුවැන්න නම්; ‘සත්ව‘ යන්න යි. අද බොහෝ දෙනා ලියන්නේ මෙ සේ බව සැබෑවෙකි. ඒත් මේ වදන නිපැදෙන සැටි විමසා බැලුවොත් දොස පෙනේ: සත්+ත්ව > සත්ත්ව 'සත්ත්ව' යන වදන නිපැදෙනුයේ එසේයි: ‘සත්’ යන නමු මුලට (නාම මූලය = Nominal Root ) 'ත්ව' යන පස (ප්‍රත්‍ය...