Posts

Showing posts from June, 2018

වියරණ පැනයට පිළිතුර - 8: ඔබ ද? ඔබලා ද?

'එ/හෙ' යන සර්වනාම ප්‍රකෘතියට '-බ' යන ස්ථානාර්ථ තද්ධිතය එක් වීමෙන් 'ඔබ' නිපැයී තිබේ. ඒ අනුව හෙ+බ > එ+බ > ඔබ යනු එහි නිෂ්පත්තිය යි. 'ඒ තැන' යනු ඒ නිරුක්තියට අනුරූප ව එයින් පළ වන අර්ථය යි. 'මොබ / මුබ' යනු ද එ සේ ම නිපන් පදයෙකි. 'මෙ' යන සර්වනාම ප්‍රකෘතියට '-බ' යන ස්ථානාර්ථ තද්ධිතය එක් වීමෙන් 'මොබ' නිපැයී තිබේ. මෙ+බ > මොබ > මුබ යනු එහි නිෂ්පත්තිය යි. 'මේ තැන' යනු ඒ නිරුක්තියට අනුරූප ව එයින් පළ වන අර්ථය යි. මෙ සේ 'ලොකු තැන', 'පොඩි තැන', 'ලේකම් තැන', 'නිලදරු තැන' ආදි වසයෙන් ස්ථානාර්ථයෙන් පුද්ගලයන් ඇමැතීම සිංහල භාෂාවේ සම්ප්‍රදායයෙකි. අදත් 'ඔබ මොබ ඇවිදිනවා' වැනි යෙදුම්හි පමණක් නිරුක්ත්‍යර්ථයට අනුරූප ව 'ඔබ / මොබ' ව්‍යවහාර වෙයි. සම්භාව්‍ය සිංහලයේ 'ඔබ' සහ 'මොබ' යෙදුණේ ප්‍රථම පුරුෂ නිත්‍ය බහු වචන සර්වනාම ලෙසිනි. එ බැවින් ඒවාහි ආඛ්‍යාතය ද හැම විට ම ප්‍රථම පුරුෂ බහු වචනයෙන් තැබිණි. 'ඔබ මෙ සේ කියති', 'මොබ / මුබ මෙ සේ කියති' ඈ විසිනි. ප්‍...

අයිවෝ ඩෙනිස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු

Image
අයිවෝ ඩෙනිස් ඒ මීට දසකයකටත් වඩා එ පිට නුදුරු අතීතය යි. මෙ කල මෙන් එ කල ද මම උදයෙන් ම පිබිදීමට මැළියෙක්මි. එ හෙත් වේලාව නො වරදවා පාසල් යා යුතු බැවින් අම්මා කෙසේ හෝ මා පුබුදුවයි. ඇය ඊට යෙදූ ප්‍රධානතම ප්‍රයෝගය වූයේ රූපවාහිනියයේ උදා විකාශය යි. එ වක් පටන් ම අප ගේ රූපවාහිනිය තුබුණේ නිදන කාමරයේ ය. ඒ නැශනල් වර්ගයේ කුඩා කළු සුදු රූපවාහිනියෙකි. උදේ පහ යි තිහට පමණ ජාතික රූපවාහිනියේ විකාශය ආරම්භ වන බව අම්මා දනී. ඒ නිසා ඕ තොමෝ ඒ වේලාවට රූපවාහිනිය ක්‍රියාත්මක කරයි. මුලින් ම විකාශය වන්නේ පඤ්ච සීලය ආදිය යි. මම ඊට නෑසූ කන් ව නිදමි. මා අවදි වන්නේ අනතුරු ව විකාශය වන දේශාභිමානී ගීතාවලිය සමඟිනි. අයිවෝ ඩෙනිස් ගැනත් ප්‍රියන්ත ප්‍රනාන්දු ගැනත් මා ගේ ආදිතම අනුස්මෘතීන් සම්බන්ධ වන්නේ මේ දේශාභිමානී ගීතාවලියට ය. දේශාභිමානී ගීතාවලිය ඇරැඹුණු පසු මම ඇඳේ දිගැදී ම එය නරඹමි. එහි නිතොර වාදනය කැරුණු ගීතාවලිය අතර අයිවෝ ඩෙනිස් ගේ 'ලංකා ලංකා', ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ 'හෙළ ජාතික අහිමානේ', මොරිස් දහනායක ගේ 'තම්බපණ්ණි ජන්ම භූමි', දයාරත්න රණතුංග ගේ 'ජය සිරි මා බෝධි', අබේවර්ධන බාලසූරිය ගේ ...