Posts

Showing posts from May, 2020

ප්‍රවණතා කාරක ප්‍රියන්ත ප්‍රනාන්දු

Image
ප්‍රියන්ත ප්‍රනාන්දු (1952.09.05 - 2018.05.01) ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු අභාව ප්‍රාප්ත වී 2020 මැයි 01 වැනි දාට වසර දෙකක් සැපිරෙයි. මේ සැකෙවි සටහන ඔහු අනුස්මරණය කරනු සඳහා ය. ශ්‍රී ලාංකේය පොප් ගී සම්ප්‍රදායයේ පුරෝගාමියා වූ සී. ටී. ප්‍රනාන්දු ගේ එක ම පුත්‍ර රත්නය වසයෙන් 1952 සැප්තැම්බර 05 වැනි දා මෙ ලෝ එළි දුටු ප්‍රියන්ත සිංහල ගීත සාහිත්‍යයෙහි ඉතිහාස ගත වන්නේ අනුප්‍රාප්තික ගායක පුත්‍ර සම්ප්‍රදායයේ පුරෝගාමියා හැටියට ය. එ නම් සිය පියා ගේ වියොවින් පසු පියා ගේ ගී ගැයීමට ඉදිරි පත් වූ පළමු වැනි පුත්‍රයා හැටියට ය. ජනප්‍රියත්වයෙහි හිණි පෙත්තෙහි සිටිය දී අකල් මරණයකට ගොදුරු වූ සිය පියාණන් වූ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත ගැයීමට ප්‍රියන්ත ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූයේ 1978 දී ය. එ වක් පටන් 2018 දී මඳ කලක් ගිලන් ව සිට මෙ ලෝ හැර යන තුරු පුරා සතළිස් වසරක් ප්‍රියන්ත සිය රසික ජනයා පිනැවී ය. මේ සටහනෙහි සිරසෙහි ප්‍රියන්ත හඳුන්වා ඇත්තේ ප්‍රවණතා කාරකයකු හැටියට යි. ප්‍රවණතා කාරකයෙක් යනු අලුත් ප්‍රවණතාවක් ඇති කළ පුද්ගලයෙකි. ප්‍රියන්ත ඇති කළ ප්‍රවණතාව වූයේ ගායකයකු ගේ වියොවින් පසු ඔහු ගේ ගී ගැයීමට පු...