Posts

Showing posts from February, 2016

සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්

Image
'ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?' යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. 'ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ' යි සුනිල් මිහිඳුකුල සුපුරුදු මුඛරි භාවයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහු එ සේ විහිළුවට මෙන් කීව ද ඇන්ටන් ජෝන්ස් ගෙන් සිංහල ගීත සාහිත්‍යයට වූ සම්ප්‍රදානය මනා ශාස්ත්‍රීය විමර්ශනයකට ලක් විය යුතු ය. 2016 පෙබරවාරි 24 දින ගල්කිස්සේ පොදු සුසාන භූමියේ දී ස්වකීය ජීවන ගීතය නිමා කරන ඇන්ටන් ජෝන්ස්ට යම් හෝ සාධාරණයක් ඉටු වන්නේ එ විට ය. බයිලා රජු වොලී බැස්ටියන් ගේ සම්මුඛ ශිෂ්‍යයකු වූ ඇන්ටන් ජෝන්ස් ගායන ක්‍ෂේත්‍රයට පිවිසුණේ බයිලා සක්විති එම්. එස්. ප්‍රනාන්දුටත් පළමුවෙනි. අප ගේ නිරීක්ෂණය අනුව ඇන්ටන් ජෝන්ස් ගේ බයිලා ආර වූකලි වොලී බැස්ටියන් ගේ බයිලා ආරෙහි ම අවිච්ඡින්න ක්‍රම විකාශයෙහි ප්‍රතිඵලයෙකි. එය එම්. එස්. ගේ බයිලා ආරෙන් නොයෙක් ලෙස වෙනස් ය. එම්. එස්. ගේ බයිලා ආර වඩාත් නෑකම් කියනුයේ මහනුවර මාතර යුගවල ජන කවි ආරට ය. එ බැවින් එම්. එස්. ගේ නිර්මාණවල තරම් ශබ්දාලංකාර බාහුල්‍යයක් ඇන්ටන් ජෝන්ස් ගේ නිර්මාණවල දක්නට නො ලැබේ. ඇන්ටන් ජෝ...

සිංහළ ජාතික ගීය වෙනස් කරවු!

Image
ආනන්ද සමරකෝන් 1940 දී ‘නමෝ නමෝ මාතා’ යනුවෙන් රචනා කළ සරල ගීය ප්‍රථමයෙන් ගුවන් විදිලියේ දී තැටිගත කරන ලද්දේ 1946 දී වී. පී. ලීලාවතී සමඟ ගැයූ යුග ගීයක් ලෙසිනි. 1951ක් වූ නොවැම්බර 22 වැනි දා සිරි ලක ජාතික ගීය වසයෙන් මේ නිර්මාණය තෝරා-ගන්නා ලද නමුදු එයින් පසු ඇති වූයේ මහත් කල-බගෑනියෙකි. ගීයේ මුලට යෙදී තුබුණු න’යන්න අපායාක්ෂරයක් වීම ද මුලට යෙදී ඇති ජ’ගණය අසුබ ගණයක් වීම ද රටට අවැඩ දායක යැ යි සැලැකූ පඬිවරු සමරකෝන් ගේ විරෝධය නො තකා ගීයේ මුලට ‘ශ්‍රී ලංකා මාතා’ යන කොටස එක් කළහ. මෙයින් ඉමහත් කම්පාවට පත් වූ සමරකෝන් 1962ක් වූ අප්‍රේල් 5 වැනි දා නිඳි පෙති සරණ ගොස් සිය දිවි තොර කැරැ-ගත්තේ ය. සිංහළ ජාතික ගීය පිටුපස ඇති ශෝකාන්තය මෙය යි. මේ විමර්ශනයේ අරමුණ අපායාක්ෂර හා ගණ පිහිටීම් ගැන කතා කිරීම නො ව, මෙරට ජාතික ගීයෙහි ගුණාත්මක භාවය පිරික්සා-බැලීම යි.    සැබැවින් ම ‘ශ්‍රී ලංකා මාතා’ යනු මෙරට ජාතික ගීය ලෙස ගත යුතු උසස් නිර්මාණයක් නො වේ. මුල, මැද, අග මනා සේ නො ගැළැපීමත් ( Poor Coherence ), අන්තර්ගතය එතරම් සාරවත් නො වීමත්, සෞන්දර්යාත්මක රසයෙන් හීන වීමත් එහි දුර්වලතා ලෙස අපි දකුමු. ඊට වඩා සා...