Posts

Showing posts from October, 2015

The Contribution of Cumaratunga Munidasa as a Neologist

Image
Cumaratunga Munidasa (25 th July 1887 - 02 nd March 1944) was one of the greatest classical Sinhalese scholars of the recent times, known and remembered over years as a National Hero, for his out-standing endeavours in resurrecting the Sinhalese language in the 20 th century. 1 He was a man of rare potential, who was a linguist, grammarian, commentator, writer, poet and journalist. Cumaratunga was a polyglot as well. Apart from his intense knowledge of Oriental Languages like Sinhalese, Pàli and Sanskrit, he was endowed with an in-depth knowledge of English, Greek, and Latin. His multilingual competence paved him the way to render a remarkable service in nourishing the modern vocabulary of the Sinhalese Language. Let us concentrate on his excellence in expanding Sinhalese lexicon with a number of neologisms 2 . Even after nearly hundred years of determined introduction of English, only a certain class of contemporary Ceylonese was capable of comprehending the ideas presented in...

සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත

Image
තොටවත්ත දොන් මනුවෙල් ටයිටස් ද සිල්වා හෙවත් අප හොඳින් දන්නා හඳුනන ටයිටස් තොටවත්තයෝ වූ කලී සිංහළ සලරුව ( Cinema ) ලත් අග්‍රගණ්‍යතම සකසුවාණෝ (Editor) යැ. ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් ගේ ‘රේඛාව, සන්දේශය’ වැනි එකල පෙරැළිකාරී නවමු සිතුවම්-පටවල සකසුවා වූවෝ ඔහු ය. ලන්ඩනයේ, පයින්වුඩ් චිත්‍රාගාරයෙන් ( Pinewood Studio ) චිත්‍රපට සංස්කරණය හදාළ ඔවුනට චිත්‍රපට කර්මාන්තයේ ශිල්පීය ක්‍රමවේද පිළිබඳ ව තුබුණේ අසාමාන්‍ය භාවිත ඥානයෙකි. 50/60 දසකවල අන්තර්ජාතික සලරූ උළෙල කිහිපයකට මැ මෙ රට චිත්‍රපට සමඟ ගිය නියෝජිතයාණෝ ද ටයිටස්හු ය. තම වෘත්තිය චිත්‍රපට සංස්කරණය වූ නමුත් 60 දසකයේ අග භාගයේ දී ටයිටස්හු චිත්‍රපට අධ්‍යක්ෂණයට බටහ.  ‘චණ්ඩියා, කවුරු ද හරි?, හාරලක්ෂයේ මංකොල්ලය, මරු සිරා, හඳයා’ යන සදා ස්මරණීය සිතුවම්-පටවල අධ්‍යක්ෂවරයා වූවෝ ඔහු ය. ඔවුන් ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කුසලතාව ගැනැ අමුතු වර්ණනා අවශ්‍ය නැත. අන්තර්ජාතික සලරූ සම්මාන උළෙලෙක දී සම්මාන ලැබූ පළමු සිංහළ සිතුවම්-පටය වූයේ ඔවුන් ගේ ‘හඳයා’ ය. දේශීය චිත්‍රපට රසිකයා ගෙන් ද ඔවුනට උත්තරීතර සම්මාන හිමි විය. ඔවුන් ගේ චිත්‍රපටවල ආ ‘මී වදයකී ජීවිතේ, කවුරු ද ක...