Posts

Showing posts from August, 2018

හීන මානය යි රැඩිකල් උගත්තු යි

තමා රැඩිකල් බවක් පාමින්  ඇතැම් සමාජ සම්මත බිඳ හෙළන්නටත් ඇතැම් සමාජ සංස්ථා ගරහන්නටත් පෙලැඹෙන බොහෝ ඊනියා උගතුනට ඇත්තේ හීන මානය නම් මානසික තත්ත්වය යි. ඒ මානසික තත්ත්වය ඇති වීම පිටුපස ඇති හේතු කාරක බොහෝ දුරට ඛේදනීය කුටුම්බ - සමාජ ප්‍රශ්න ය. ළමා මනසෙහි පොදු සමාජය කෙරෙහි වෛරය ඇති වීමට බල පෑ හැකි හේතු කාරක බොහෝ තිබිය හැකි ය. කුඩා කල මුහුණ දුන් ලිංගික අඩන්තේට්ටම්, කුඩා කල පැවිදි කිරීම නිසා මව්පිය සෙනෙහස අහිමි වීම වැනි පවුල් ප්‍රශ්න ද උග්‍ර දරිද්‍රතාව, කුලපීඩනය වැනි සමාජ ප්‍රශ්න ද ඒ අතර වෙයි. මෙබඳු විවිධ හේතු කාරක නිසා හට ගන්නා සමාජ වෛරය ඔවුන් වැඩිහිටියන් වන තුරු ම දීර්ඝ කාලයක් මනසෙහි කැකෑරෙමින් පැවැතීම නිසා ඔවුන් ගේ උපවිඤ්ඤාණයේ හීන මානය ඇති වේ.  එබඳු ළමයින් වැඩිහිටි වියට පත් වූ පසු පොදු සමාජය බහුමානයෙන් පිළිගන්නා සමාජ සම්මත, සමාජ සංස්ථා ආදියට පන්න පන්නා පහර දෙන්නට පටන් ගන්නේ ඇත්තෙන් ම තමන් ඒවායෙහි දක්නා ඌනතා සංශෝධනය කිරීමේ පිරිසුදු සිතින් නො වේ. ඔවුන් වැඩියක් ම සමාජ සම්මත, සමාජ සංස්ථා ආදියට වළං කඩයට පැන්න ගොනා සේ පහර දී ඒවා විසුනු කරන්නට යත්න දරන්නේ එමඟින් ඒවාට බහුමානයෙන් බැඳුණු බහුතර...