මහා විහාරයට මුවා වී බයිබල් අච්චුවට බුද්ධ ධර්මය බැස්සීමේ තැතක් ද???
කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ගමගේ මහාත්මා විසින් පසු ගිය මාස කිහිපයක් තිස්සේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය බිහේෂ් සම්පත් ආදීන් අරබයා කැරුණු විවිධ ශාස්ත්‍රීය (?) විවේචනවල දී පුනරුක්ත කැරුණු උද්ධෘත පාඨ හා පාරිභාෂික පද හා කිහිපයක් කෙරෙහි අප ගේ විශේෂ අවධානය යොමු විය. ඒවා ක්‍රිස්තු ධර්ම අධ්‍යයන ක්ෂේත්‍රයෙන් උදුරාගත් බව බැලු බැල්මට පෙනුණ නමුත් මඳක් හෝ ඒ ගැන හැදෑරීමෙන් තොර ව ඒ ගැන ලිවීමට අපි මැළි වූමු. දැන් ඒ හැදෑරුම අවසන් බැවින් එතුමා ඒවා උකහාගත් තැන් කවරේ ද යනු එතුමා වටා රොක් වී සිටින පැවිදි, උපැවිදි, නොපැවිදි ඈ සකල විධ බෞද්ධ විද්වතුන් ගේ ද පොදු සිංහල බෞද්ධ ජනයා ගේ ද පහන් සංවේගය පිණිස මෙසේ හෙළි දරවු කරමු. 1. "පරිවර්තනයක් කියවනවා කියන්නේ වේල් එක පිටින් මනමාලි ඉඹගන්නවා වගේ" - අරුණ ගමගේ “Reading the Bible in translation is like kissing your new bride through a veil” - එච්. එන්. බියාලික් මේ වනාහි රාජ් සෝමදේව මහතා ගේ මහාවංස පරිශීලනය ගැනත් බිහේෂ් සම්පත් මහතා ගේ නාට්‍යශාස්ත්‍ර පරිශීලනය ගැනත් අරුණ ගමගේ මහතා යෙදූ ව...