Posts

Showing posts from 2012

සත්ත්වෝද්‍යාන ප්‍රශ්නය

'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන වදන්වලැ දොස් හැරැ පාමින් විජයපාල වීරවර්ධනයන් සැපැයූ ලිපියත්, ‘තිරිසන් උයන’ සිහිකොටැ දෙමින් හේමසිරි කුමාරණතුංගයන් සැපැයූ ලිපියත්, ‘සත්ව උයනෙහි’ වරද කියා පාමින් 2011ක් වූ නොවැම්බර 06 වැනි දා ‘පුන්කලසට’ පේරාදෙණි සරසවියේ දිලිනි ආරියවංශයන් සැපැයූ ලිපියත් කියැවූ අපට මෙසේ අදහස් දක්වනු රිසි වියැ. 'සත්තු වත්ත’ සහ ‘සතුන් වත්ත’ යන යෙදුම් සදොස් යැ යි විජයපාල වීරවර්ධනයන් දරන අදහස හා අපිදු එක හෙළා මැ එකඟ වෙමු. ඒ වදන් වෙනුවට ‘සත්ව උයන’ යැ යි කිව හැකි බවක් ද එතුමෝ එහි ලා පවසත්. එතුමන් දක්වන ‘සත්ව උයනෙහි’ වැරැදි දෙකෙක් වේ. පළමුවැන්න නම්; ‘සත්ව‘ යන්න යි. අද බොහෝ දෙනා ලියන්නේ මෙ සේ බව සැබෑවෙකි. ඒත් මේ වදන නිපැදෙන සැටි විමසා බැලුවොත් දොස පෙනේ: සත්+ත්ව > සත්ත්ව 'සත්ත්ව' යන වදන නිපැදෙනුයේ එසේයි: ‘සත්’ යන නමු මුලට (නාම මූලය = Nominal Root ) 'ත්ව' යන පස (ප්‍රත්‍ය...

හෙළ - පෙළ හා සකු එක මැ භාෂා පවුලෙකි

හෙළ බස හා සකුවත් පාළියත් මුසු වීම ගැනැ වියත්හු විවිධ මත දරති. අයෙක් සිංහළය වැඩුණේ පාළියක් සකුවක් නැති වැ මැ යි කියති. තවත් අයෙක් සිංහළය බිහි වුණේ පාළියත් සකුවත් නිසා මැ යි කියති. කෙ සේ වතුදු සිංහළ බසැ නැඟුමට හා වැඩුමට පාළියත් සකුවත් බොහෝ උදව් වියැ. එසේ වූ පමණින් මැ සිංහළය, පාළියත් සකුවත් නිසා මැ බිහිවිණැ යි කීම නිවැරැදි නො වේ. පෙර කලැ මෙරටැ විසූ යක්ෂ, නාග, දේව, රාක්ෂස ගෝත්‍රිකයන් වැහැරූ බස පරිණාමය වී, සකුව ද පාළිය ද (පසු වැ තවත් බස් ද) එක්වී අද වැහැරෙන මුසු සිංහළය ගොඩ නැඟුණු බව අප අදහසයි. එහෙයින් පාළියත් සකුවත් සිංහළයේ ‘මාතෘ භාෂා’ ලෙස සැලැකීමට වඩා ‘ප්‍රධාන පෝෂක භාෂා’ ලෙස සැලැකීම මැනවැ යි හැඟේ. පාළියෙහි ද සකුවේ ද වදන් අප බස හා ‘තත්සම හා තත්භව‘ යන දෙයාකාරයෙන් මැ මුසු වේ. මේ කොයි ලෙසකින් වුව සකු - පෙළ වදන් අප බසට වද්දා ගැනීම බසැ වැඩුමට ද නැඟුමට ද විනා බිඳවැටුමකට හේතු නො වේ. මන් ද යත් හෙළය ද පෙළය ද සකුව ද එක මැ භාෂා පවුලකට අයත් භාෂා ලෙස වාග් විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති සෙයිනි. ඔවුනට අනුවැ සිංහළය අයත් වනුයේ ‘ඉන්දු ආර්ය භාෂා පවුලට’ යැ. ඒ නයින් ගත් කලැ පාළි...