Posts

Showing posts from May, 2016

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ මහා පරිහානිය

             ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ශීඝ්‍ර පරිහානියකට පත් වෙමින් තිබේ. 1 ජගත් ශ්‍රේණිගත කිරීම්වලට ( World Ranking ) අනුව මේ වන විට සිරි ලක විශ්වවිද්‍යාලයයන් පවතින්නේ අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යවල විශ්වවිද්‍යාලයවලට ද වඩා පහත් අඩියක ය. උගණ්ඩාව, ඉතියෝපියාව, සිම්බාබ්වේ වැනි රටවල ප්‍රධාන විශ්වවිද්‍යාලය සියල්ල මෙරට සරසවිවලට වඩා ඉහළ තත්ත්වයකට හිමිකම් කියයි. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාලයයන් ප්‍රකට වී තිබෙන්නේ ආධ්‍යාපනික ගුණාත්මක භාවය ගැන නො ව ප්‍රචණ්ඩත්වය, අන්තවාදී ශිෂ්‍ය දේශපාලනය, වර්ජන, අවඵලදායීතාව ( low productivity ) සහ සදාචාර පරිහානිය ගැන යි.               මෙබඳු ඛේද ජනක තත්ත්වයකට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයයන් ඇද-දැමූ සාධක කවරේ ද යන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා පෙන්වා-දෙයි. ඔහු දක්වන පරිදි ලාංකේය විශ්වවිද්‍යාලයවල මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ගෙන් සියයට අනූවක් දෙනා නිසි සුදුසුකම් හා ඇසූ-පිරූ තැන් ඇ...