01.
वैयाकरणकिरातादपशब्दमृगां क्व यान्ति सत्रस्ताः |
ज्योतिर्नटविटगायकभिषगाननगह्वराणि यदि न स्युः ||
- सुभाषितरत्नभाण्डागार (42.1)
වෛයාකරණප්‍රශංසා
වෛයාකරණකිරාතාදපශබ්දමෘගාං ක්ව යාන්ති සන්ත්‍රස්තාඃ
ජ්‍යෝතිර්නටවිටගායකභිෂගානනගහ්වරාණි යදි න ස්‍යුඃ
- සුභාෂිතරත්නභාණ්ඩාගාර (42.1)
ව්‍යාකරණඥයන් විසින් පලවනු ලැබූ අපශබ්ද නැමැති මුවෝ බියේ පැන ගොස් ජ්‍යෝතිර්වේදීන්, රංගනශිල්පීන්, ගායකයන්, වෛද්‍යයන් ආදීන් ගේ මුඛයට වදිති.
-------------------------------------------------------------------------------------------------------------
02.
एकाक्षरं सदाचारं - यो गुरु नाभिवन्दथे
स्वान योनि शतङ् भूत्वा - चण्डालेश्वपि जायथे
ඒකාක්ෂරං සදාචාරං - යෝ ගුරු නාභිවන්දතේ
ස්වාන යෝනි ශතං භුත්වා - චණ්ඩාලේෂ්වපි ජායතේ
එකකුරෙකුදු ඉගැන්වූ
ගුරු හට නො වැඳි මිනිසා
සිය වර බලු වැ උපදී
මිනිස් වර සැඬොලෙක් වේ
-------------------------------------------------------------------------------------------------------------
03.
एकामेवाक्षारं यस्तु - गुरुः शिष्यन्तु शिक्षयेत्
पृथिव्याङ् नास्ति तद्द्रव्यङ् - यद्दत्वा चानृणि भवेत्
ඒකමේවාක්ෂරං යස්තු - ගුරුඃ ශිෂ්‍යන්තු ශික්ෂයේත්
පෘථිව්‍යාං නාස්ති තද්ද්‍රව්‍යං - යද්දත්වා චානෘණී භවේත්
ගුරුවරයෙක් ශිෂ්‍යයකුට එක් අකුරක් හෝ උගන්වා නම් ඒ ණය ගෙවා-ලිය හැකි ක්‍රමයක් මෙ මිහිපිට නැත්තේ මැ යි.
-------------------------------------------------------------------------------------------------------------
04.
मूर्खोपी शोघाथे यावत् - सभायां वस्त्र वेष्टितः
तावच्च शोभते मूर्खो - यावत् किन्चित् न भाषाथे
මූර්ඛෝපි ශෝභතේ යාවත් - සභායාං වස්ත්‍ර වෙෂ්ටිතඃ
තාවච්ච ශෝභතේ මූර්ඛෝ - යාවත් කිඤ්චිත් න භාෂතේ
හැඳ පැලැඳ ආ කල
සබයෙහි දිලෙත් දදහු ද
කෙතෙක් වෙ ද එ දිලුම
මුව හස් බිඳින තෙක් ම ය
-------------------------------------------------------------------------------------------------------------
05.
अज्ञः सुखमारारध्यः - सुखतरमाराध्यते विशेषतज्ञः
ज्ञानलव दुर्विदग्धं - ब्रह्मापि नरं न रञ्जयति
අඥඃ සුඛමාරධ්‍යඃ - සුඛතරමාරාධ්‍යතෙ විශේෂඥඃ
ඥානලව දුර්විදග්ධං - බ්‍රහ්මා'පි නරං න රඤ්ජයති
- නීති ශතකය
නො දත් දන පහසු වෙයි තොස කැරැවීම
ඉනුත් වැඩි පහසු දන දත් වෙසෙසා ම
'මමත් දනිමි' මඳ දැනැ උඩඟු වු බෝ ම
නොවත් වෙයි බඹා වත් ඔහු පිනැවීම
- කුමාරතුංග මුනිදාස
-------------------------------------------------------------------------------------------------------------
06.
සාහිත්‍ය සංගීත කලා විහීනඃ - සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ
තෘණං න ඛාදන්නපි ජීවමානඃ - තද්භාගධේයං පරමං පශූනාම්
- භර්තෘහරී, සුභාෂිත සංග්‍රහ
ගීත සාහිත රස නො දන්නේ
නැතත් කුර අං ගොනුන් වැන්නේ
ඇයි ද උන් තණ කොළ නො කන්නේ
වාසනාව යි ඒ ගොනුන්නේ
-------------------------------------------------------------------------------------------------------------
07.
යො නිරුත්තිං න ජානාති - ජානාති පිටකත්තයං,
පදේ පදේ විකංඛෙය්‍ය - වනේ අන්ධගජෝ විය
- මොග්ගල්ලානපඤ්චිකා, කවිදප්පණනීති
නිරුත් නො මැ දත්තේ
තෙවෙළාව උගත්ත ද
පියෙන් පියැ පැකිළේ
වෙනෙහි අඳ ඇතකු සේ
---------------------------------------------------------------------------------------------------------------
08.
ව්‍යාසාදීන් කවිපුංගවානනුචිතෛර්වාක්‍යෛඃ සලීලං හසන්
නුච්චෛඃ ජල්ප නිමීල්‍ය ලොචනයුගං ශ්ලෝකාන් සගර්ව පඨ
කාව්‍යං ධික්කුරු යත්පරෛර් විරචිතං ස්පර්ධස්ව සාර්ධං බුධෛඃ
යද්‍යභ්‍යර්ථයසේ ශ්‍රැතේන රහිතඃ පාණ්ඩිත්‍යමාප්තුං බලාත්
- සුභාෂිතරත්නභාණ්ඩාගාර, කුපණ්ඩිත නින්දා 63
හරි හමන් ඉගනීමක් නැතුව පණ්ඩිතයෙක් වෙන්න කැමති නම්, ව්‍යාසාදී ශ්‍රේෂ්ඨ කවීන් හෙළා උස් හඬින් කතා කරනු! ඇස් දෙක වහගෙන ආඩම්බරයෙන් ශ්ලෝක කියනු! අනුන් ලියූ කවිවලට නින්දා කරනු! පණ්ඩිතයන් වාදවලට කැඳවනු!
---------------------------------------------------------------------------------------------------------------
09.
සණන්තා යන්ති කුස්සොබ්භා
තුණ්හී යාති මහෝද්ධි
- සුත්ත නිපාත, 723
කුඩා දිය පහරවල් හඬ නඟමින් ගලා යෙයි. මහා නදිය නිහඬ ව ම ගලා යෙයි.
---------------------------------------------------------------------------------------------------------------
10.
බ‍්‍රහ්මඝ්නේ ච සුරාපේ ච චෞරේ භග්නවෘතේ ශඨේ
නිෂ්කෘතිර්විහිතා සද්භිඃ කෘතඝ්නේ නාස්ති නිෂ්කෘතිඃ
බමුණන් නැසූ තැනැත්තා කෙරෙහි ද සුරා පානය කරන්නා කෙරෙහි ද සොරා කෙරෙහි ද සිල් බිදගත් තැනැත්තා කෙරෙහි ද කපටියා කෙරෙහි ද සත්පුරුෂයන් විසින් නිදහස් වීමක් දක්වා ඇතත් අකෘතඥයා කෙරෙහි නිදහස් වීමක් නැත.
---------------------------------------------------------------------------------------------------------------
11.
ජනිතා චෝපනේතා ච - යශ්ච විද්‍යාං ප්‍රයච්ඡති
අන්නදාතා භයත්‍රාතා - පංචෛතේ පිතරඃ ස්මෘතාඃ
උපත දෙන තැනැත්තා ය (ජනිතා), හොඳ-නරක පෙන්වා හික්මවන තැනැත්තා ය (උපනේතා), අධ්‍යාපනය දෙන තැනැත්තා ය (විද්‍යාඃ ප්‍රයච්ඡති යඃ), ආහාර දෙන තැනැත්තා ය (අන්නදාතා), ආරක්ෂාව දෙන තැනැත්තා ය (භයත්‍රාතා) මේ පස් දෙනා පියවරු යැ යි දත යුතු ය.
---------------------------------------------------------------------------------------------------------------
12.
දිවි කල කෙටි වෙයි සරසින් නිතොරේ
සරු දෙය ගෙන නොම සරු දැය අතැරේ
තිසරකු ලෙස කිරි හැර බොන වතුරේ
---------------------------------------------------------------------------------------------------------------
13.
ආචාරඃ කුලමාඛ්‍යාති - දේශමාඛ්‍යාති භාෂණම්
සම්භ්‍රමඃ ස්නේහමාඛ්‍යාති - වපුරාඛ්‍යාති භෝජනම්
හැසිරෙන සැටි පවුලේ තතු පවසයි
කතා බහ ද ගම් පළාත පවසයි
දුටු කල ඉඟි බිඟි සෙනෙහස පවසයි
කෑ බී දේ ගැන ඇඟපත පවසයි
---------------------------------------------------------------------------------------------------------------
14.
සුස්වරං සරසං චෛව - සරාග මධුරාක්ෂරං
සාලංකාරං ප්‍රමාණං ච - ෂඩ්විධං ගීත ලක්ෂණම්
ස්වර සහිත භාවය, රස සහිත භාවය, රාග සහිත භාවය, මධුර අක්ෂර සහිත භාවය, අලංකාර සහිත භාවය, ප්‍රමාණ සහිත භාවය යන මේවා ගීතයේ ෂඩ්විධ ලක්ෂණ වේ.
---------------------------------------------------------------------------------------------------------------
15.
දේහිති වචනද්වාරාදාත්මස්ථාඃ පඤ්ච දේවතාඃ
සද්‍යෝ නිර්යාන්ති තං ත්‍යක්ත්වා හ්රී ශ්‍රී ධී ධෘති කීර්ත්‍යඃ
තමාට දෙව යි යන වචන ද්වාරයෙන් තමා තුළ වූ දෙවියෝ පස් දෙනෙක් එකෙණෙහි ම ඔහු අත හැර නික්මෙන්නේ ය; එනම් ලජ්ජාව, ශ්‍රී කාන්තාව, නුවණ, ධෛර්යය, කීර්තිය යන මොහු ය.
---------------------------------------------------------------------------------------------------------------
16.
දාරිද්‍රස්‍ය පරාමූර්තිර් - යාච්ඤා න ද්‍රවිණාල්පතා
ජරද්ගව ධනශ්ශම්භුස් - තථාපි පරමේශ්වරඃ
දිළිඳු බවේ පිළිබිඹුව බැගෑපත් ව යැදීම යි; වස්තු හිඟකම නො වේ. ශිව දෙවි තෙමේ මහලු ගොනා ධනය කොට ඇත්තේ ය. එසේ ද වුවත් පරමේශ්වර ද වෙයි.
---------------------------------------------------------------------------------------------------------------
17.
සේවිතව්‍යෝ මහාවෘක්ෂඃ - ඵලච්ඡායා සමන්විතඃ
යදි දෛවාත් ඵලං නාස්ති - ඡායා කේන නිවායර්තේ
පල ද සෙවණ ද ඇති මහ ගසක් ම ඇසුරු කළ මනා ය. දෛවය නිසා පල නො ලැබුණේ වුව සෙවණ නම් කවුරු වලකත් ද?
---------------------------------------------------------------------------------------------------------------
18.
සංයෝගා විප්‍රයෝගාන්තා - මරණාන්තං ච ජීවිතම්
සියලු රැස් කිරීම් ගෙවෙනසුලු ය. උසස් කම් පහත් වනසුලු ය. එක් වීම් වෙන් වනසුලු ය. ජීවිතය ද මරණය කෙළවර කොට ඇත්තේ ය.
පරස්පරං ප්‍රශංසන්ති - අහෝ රූපමහෝ ධ්වනිඃ
කාර්යේෂු මන්ත්‍රී කරණෙෂු දක්ෂී - රූපේෂු ලක්ෂ්මී සමයාන්තරඥා
ස්නේහේෂු මාතා ශයනේෂු වේශ්‍යා - ෂඩ්භිස්තු නාරී කුලමුද්භවන්ති
කටයුත්තෙහි මන්ත්‍රිණියකට සමාන, වැඩෙහි දක්ෂ, රූපයෙන් සිරි කත කාන්තාව හා සමාන, සමයාන්තරඥානය ඇති, සෙනෙහසින් මවට සමාන, නිදි යහනේ දී වෙසඟනකට සමාන වෙන කාන්තාව පවුල බබළවයි.
නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්ය සමප්‍රභා
නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ
ගංගා නම් නදිය තරම් ජලයක් නැත. සූර්යා හා සමාන ආලෝකයක් නැත. පියා හා සමාන ඥාතියෙක් නැත. ස්ත්‍රිය හා සමාන රසයක් නැත.
ජානුජංඝෙ නරං දෘෂ්ට්වා - කස්‍ය නිශ්චලිතං මනඃ
ගිනි සිළු බඳු ගැහැනුන් දකින විට ගිතෙල් කළ බඳු පිරිමි සිත් කෙසේ නිසල ව පවතී ද?
සුකෘතං දුෂ්කෘතං චෛව - ගච්ඡන්තමනුගච්ඡති
ධනයෝ නිවෙසෙහි නවතිති. නෑ මිතුරු පිරිස සොහොනෙහි නවතිති. කළ හොඳ නරක පමණක් යන්නහු සමඟ පැමිණේ.
උදාර චර්තානාම් තු - වසුධෛව කුටුම්බකම්
'මොහු තමා ගේ එකෙක් ය; මොහු අනුන් ගේ එකෙක් ය' යනුවෙන් සැලැකීම ලඝු චින්තනයෙකි. උදාර චරිතවන්තයාට මුළු ලොව ම එක පවුලෙකි.
- සර්වලක්ෂණසංග්‍රහය
යම් කෙනෙක් නිරතුරු ව ශිල්ප ශාස්ත්‍ර ඥානය රැස් කෙරෙත් ද අන්‍යයන් සදාචාරයේ පිහිටුවත් ද තමනුදු ඒ අනුව හැසිරෙත් ද ඔහු තුමූ ආචාර්යවරයා නම් වෙත්.
නීවීමෝක්‌ෂස්‍ය වේලායාං - යථා ක්‌ෂෞමාර්ඝචින්තකඃ
කාව්‍ය රසාස්‌වාදය කරන වේලෙහි පදයන්ගේ වාච්‍යාර්ථය පමණක් ගන්නා අඥානයා පිය ළඳගේ සළු පිළි ගිලිහෙන කල්හි ඒ සළු දුපිළිවල වටිනාකම ගැන පමණක් කල්පනා කරන්නකු වැනි ය.
No comments:
Post a Comment