කුමරතුඟු මුනිදසුන් ගේ පැරැණි ම පැදි පෙළ
කුමාරතුංග මුනිදාසයන් විසින් ලියන ලද පැරැණි ම පැදිය ලෙස සැලැකෙන්නේ 1905 දී "කණා කවුද?" යන මැයින් කවි කොළ විරිතින් ලියා පුවත්පතක පළ කළ තනි පැදියක්. ඉන් පසු කුමාරතුංග මුනිදාසයන් ලියූ සපිරි පැදි පෙළක් හැටියට හමු වුණේ 1907 අගෝස්තු 20 වැනි දා දොන් ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරකුට ලියා යැවූ ලියුමක්. එහෙත් මේ සමඟ පළමු වරට මාධ්‍යයක පළ වන පැදි පෙළ අර කී මිතුරාට ම 1907 ජනවාරි 20 වැනි දා ලියා යැවූවක්. ඒ අනුව මෙය තමයි කුමාරතුංග මුනිදාසයන් ගේ දැනට හමු වී ඇති පැරැණි ම පැදි පෙළ! එවක කොළඹ ගුරු ඇබෑසි විදුහලේ ඉගැනුම ලැබූ විසි හැවිරිදි සිසුවකු වූ කුමාරතුංග මුනිදාසයන් මේ ලියුම ලියලා තියෙන්නේ දොන් ජානිස් මුතුකුමාරණ නැමැති වැඩි මහලු මිතුරාට යි. පසු ගිය වසරේ තමන් ගේ ඉගැනුම් කටයුතු සඳහා ඔහු ගෙන් ලැබුණු රුපියල් හතක මුදල වෙනුවෙන් ස්තුති කරන කුමාරතුංගයන් මේ වසරේ ඉගෙනුම් කටයුතු සඳහා රුපියල් පහක් දෙන ලෙස මේ පැදි පෙළෙන් බොහොම යටහත් ව ඉල්ලා සිටිනවා. මේ පැදි පෙළ අප වෙත ලැබුණේ රුහුණු සරසවි සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මැතිනිය ගෙන්. එතුමියට මේ පැදි පෙළ ලබා දී ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත් ඇගැ...