Posts

Showing posts from June, 2017

රිච්මන්ඩ් යටගියාව සොයා ගිය හැටි

ඉස්සර මා නිතොර ආ ගිය මුද්‍රණ ආයතනයකට කලකට පසු අද හවස පා තැබූයෙමි. එහි පිවිසි විගස ම නැහැ පුඩු කිතිකවා-ලූ නැවුම් තීන්ත සුවඳින් මා ගේ මතක සයුර කැලැඹී-ගියේ ය. පාත මහලින් නො කඩවා ඇසෙන මුද්‍රණ යන්ත්‍රයේ ඒකාකාරී ඝෝෂාව ඔස්සේ මම වසර කිහිපයක් අතීතයට ඇදී ගියෙමි. උසස් පෙළ විභාගය පෙනී සිට සරසවි වරම් ලැබෙන තුරු අවුරුදු එකහමාරක පමණ කාලයක් මා ගෙවා දැමූයේ කලින් කලට පළින් පළට යමින් පූර්ණ ශාස්ත්‍රීය සඤ්චාරයක දෙමිනි. මුද්‍රණ ආයතන යනු එසේ මා නිතොර ආ ගිය තැන්වලින් එකකි. එසේ ආ ගිය හැම තැනකට ම නැවැත පා තබන විට එක්තරා සොඳුරු මිනිසෙක් මට සිහි වෙයි. ඒ කන්දේ සිසිල් සුරසේන මහතා ය. එ දවස මා ගේ බොහෝ උදය වරු ගෙවුණේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සඟරා හා කෞතුකාගාර කමිටු කාර්යාලයයේ ය. ඒ සුරසේන මහතා සමඟ පැරැණි පතපොත පෙරළමින් විද්‍යාලයයේ ඉතිහාසය ලියමිනි. සුරසේන මහතා ප්‍රකට පරිසරවෙදියකු මෙන් ම ඉතිහාස පර්යේෂකක් ද වේ. එ වක අප ලියන්නට පටන් ගත් ඉතිහාස පොත තව ම නිමහම් දුටුයේ නැති නමුත් මඳ කලෙකින් එහි සංක්ෂිප්තයක් පළ කරන්නට අපට හැකි විය. තව ද වසර කිහිපයක් ම කන්නන්ගර සමරු උලෙළ පැවැත්වීමට ද මම සුරසේන මහතාට උදවු...

සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ 'රීති' මිථ්‍යාව!

මහාචාර්ය ජේ. බී දිසානායක පතුරවපු ලොකු මිථ්‍යාවක් තමයි , ඔය සම්භාව්‍ය , සමකාලීන , සමතික්‍රමණ කියන රීති විග්‍රහය. මේ සටහනේ අරමුණ වෙන්නේ රීතිය කියන්නේ මොකක් ද කියලා පැහැදිලි කරලා, මහාචාර්ය ජේ. බී. දිසානායක ගේ රීති යන පදයේ සාවද්‍ය ව්‍යවහාරය හෙළි දරවු කිරීම. රීතිය කියන්නේ පෙරපර දෙදිග ම භාෂා සාහිත්‍ය අධ්‍යයනවල බොහොම පැහැදිලි ව විග්‍රහ කරලා තියෙන සංකල්පයක්. රසවාදය , ගුණවාදය , අලංකාරවාදය , ධ් වනිවාදය , වක්‍රෝක්‌තිවාදය , ඖචිත්‍යවාදය , අනුමිතිවාදය වගේ පෙරදිග කාව්‍ය විචාරවාද අතරින් රීති වාදය ප්‍රධාන ම එකක්. සකුව බැරි නිසා රීතිය සම්බන්ධ පෙරදිග අදහස් ගැන මං වැඩිය දන්නෑ. හැබැයි රීතිය ගැන අපරදිග අදහස් නම් යම් තරමක් කියවලා තියෙනවා. ඉංගිරිසියෙන් රීතියට කියන්නේ style කියලා. භාෂා රීති අධ්‍යයනය කිරීමට වෙන් වුණ විෂය ක්ෂේත්‍රයක් වාග්විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ රීතිවිචාරය කියලා. ඉංගිරිසියෙන් නම් stylistics. ඒ විෂයයේ රීති හැඳින්වෙන්නේ පුද්ගලයා , සන්දර්භය , භාෂා මාධ්‍යය , ( සාහිත්‍යයේ නම්) සාහිත්‍ය ප්‍රවර්ගය , අනුභූතිය වගේ විචල්‍ය සාධක අනුව වෙනස් වන භාෂා ව්‍යවහාර හැටියට. මේ නිර්වචනය අනුව පේනවා ,...