බුද්ධික කෝනාර සූරීන් හෙළි කළ ෆ අකුරේ සැබෑ කතාව
සිංහල භාෂාවේ ෆ අකුර මුලින් ම භාවිත කෙළේ ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර සුරුවන් නො ව එම්. ඒ. ධර්මරත්න සුරුවන් බව හෙළි දරවු කරමින් අගනා ලිපියක් 2014 දී 'දිවයින' පුවත්පතට සැපැයූවෝ බුද්ධික කෝනාර සුරුවෝ ය. එතෙක් ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර සුරුවනට පැවැරී තුබුණු ෆ අකුරේ නිර්මාතෘත්වය ඉන් ගිලිහී ගියේ ය. මේ වග ගිනිකටුවැවේ විපුල හිමියෝ ද සිය 'සිංහල අක්ෂර මාලාව' කෘතියෙහි වාර්තා කළ හ. ෆ අකුරේ නිර්මාතෘත්වය කෙසේ වෙතත් 'ඥානාදර්ශය' සඟරාව,' ඉංගිරිසි සිංහල ශබ්දකෝශය', 'A Comprehensive Grammar of the Sinhalese Language' කෘතිය මඟින් ෆ අකුර ප්‍රචලිත කිරීමේ ගෞරවය නම් ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර සුරුවනට හිමි ය. මැන්දිස් ගුණසේකර සුරුවන් කිසි විටෙක ෆ අකුරට අයිතිවාසිකම් කීවේ නැත. ඔවුන් ගේ වියරණ පොතෙහි එය හඳුන්වා දෙන්නේ "සිංහල භාෂාවට ඇවැසි වී තිබෙන ඉංගිරිසි f අකුරේ ශබ්දය දීමට ඇතැමකු විසින් මෑතෙක පටන් ... ෆ සංකේතය සකස් කොටගෙන තිබේ" (Of the late years the symbol ෆ ... has been adopted by some to represent the sound of the English letter 'f', which is wanting in the ...