හෙළ - පෙළ හා සකු එක මැ භාෂා පවුලෙකි
හෙළ බස හා සකුවත් පාළියත් මුසු වීම ගැනැ වියත්හු විවිධ මත දරති. අයෙක් සිංහළය වැඩුණේ පාළියක් සකුවක් නැති වැ මැ යි කියති. තවත් අයෙක් සිංහළය බිහි වුණේ පාළියත් සකුවත් නිසා මැ යි කියති. කෙ සේ වතුදු සිංහළ බසැ නැඟුමට හා වැඩුමට පාළියත් සකුවත් බොහෝ උදව් වියැ. එසේ වූ පමණින් මැ සිංහළය, පාළියත් සකුවත් නිසා මැ බිහිවිණැ යි කීම නිවැරැදි නො වේ. පෙර කලැ මෙරටැ විසූ යක්ෂ, නාග, දේව, රාක්ෂස ගෝත්‍රිකයන් වැහැරූ බස පරිණාමය වී, සකුව ද පාළිය ද (පසු වැ තවත් බස් ද) එක්වී අද වැහැරෙන මුසු සිංහළය ගොඩ නැඟුණු බව අප අදහසයි. එහෙයින් පාළියත් සකුවත් සිංහළයේ ‘මාතෘ භාෂා’ ලෙස සැලැකීමට වඩා ‘ප්‍රධාන පෝෂක භාෂා’ ලෙස සැලැකීම මැනවැ යි හැඟේ. පාළියෙහි ද සකුවේ ද වදන් අප බස හා ‘තත්සම හා තත්භව‘ යන දෙයාකාරයෙන් මැ මුසු වේ. මේ කොයි ලෙසකින් වුව සකු - පෙළ වදන් අප බසට වද්දා ගැනීම බසැ වැඩුමට ද නැඟුමට ද විනා බිඳවැටුමකට හේතු නො වේ. මන් ද යත් හෙළය ද පෙළය ද සකුව ද එක මැ භාෂා පවුලකට අයත් භාෂා ලෙස වාග් විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති සෙයිනි. ඔවුනට අනුවැ සිංහළය අයත් වනුයේ ‘ඉන්දු ආර්ය භාෂා පවුලට’ යැ. ඒ නයින් ගත් කලැ පාළි...