Posts

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

Image
  - සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායකයනට අභියෝගයක්  සිංහල හෝඩියට ඥ අකුර එකතු කරන්න ඕනෑ කියලා අප හිතවත් සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් හඬ නඟන්නෙ දැන් අවුරුදු කීපයක ඉඳලා. එතුමා "ඥ ඕනෑ; ඥ ඕනෑ" කියනවා විනා ඒ ඕනෑකම තහවුරු කරන්න කරුණු දක්වන්නෙ නැහැ. කෙසේ වෙතත් සිංහල හෝඩියට ඥ ඕනෑ නැති බවට නම් වාග්විද්‍යාත්මක හේතු ගණනාවක් දක්වන්න පුළුවන්. ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් නොවීම පළමු වැනි හේතුව තමයි ඥ අකුර සිංහල භාෂාවේ ශබ්දිමයක් (phoneme) නොවීම. ශබ්දිමයක් කියන්නෙ සමාන පරිසරයක යෙදිලා පදවල අර්ථය වෙනස් කරන ශබ්දයක්. උදාහරණයකට පණ - බණ කියන පද දෙකේ ම අණ - අණ කියන කොටස පොදුවේ තියෙනවා. අර්ථය වෙනස් වෙන්නෙ ප්, බ් දෙක වෙනස් වීමෙන්. ඒ කියන්නෙ ප්, බ් දෙක සිංහල භාෂාවේ ශබ්දිම. ඓතිහාසික හෝ වෛන්‍යාසික හෝ හේතුවකට ඇරුණු කොට හෝඩියක තිබිය යුත්තේ යම් භාෂාවක ශබ්දිම සමූහය පමණ යි. මේක වාග්විද්‍යාවේ සියවසක් විතර පරණ සිද්ධාන්තයක්. දිසානායක සූරීන් මේක නොදන්නවා වෙන්න බැහැ නෙ. ඒ නිසා ඥ යන්න හෝඩියට දාන්න ඕනෑ නම් එතුමා මුලින් ම පෙන්වා දෙන්න ඕනෑ ඒක සිංහල භාෂාවේ ශබ්දිමයක් වන ආකාරය. ඥ අක්ෂරය තනි අකුරක් නොවීම ...

ඒ. ඒ. අභයසිංහ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය

Image
කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයකු වූ ඒ. ඒ. අභයසිංහ සූරීහු ස අසූ වසක් ආයු වළඳා 2023 ඔක්තෝබර 20 වැනි දා අභාවප්‍රාප්ත වූ හ. මේ ලිපිය ඔවුන් ගෙන් ඉටු වූ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ ඇගැයුමෙකි.  1938 අප්‍රේල් 18 වැනි දා උපන් අදිකාරි ආරච්චිගේ අභයසිංහ සූරීහු කුලියාපිටි මැදි විදුහලෙන් පාසල් අධ්‍යාපනයත් පේරාදෙණි සරසවියෙන් හා යෝර්ක් සරසවියෙන් හා උසස් අධ්‍යාපනයත් ලැබූ හ. පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ දී ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා ප්‍රධාන විෂයය ලෙස සිංහලත් උපවිෂයය ලෙස පාළිත් හදාළ ඔහු තුමූ ආචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා සූරීන් ඇසුරින් වාග්විද්‍යාව කෙරෙහි නැමීගත් හ. සුගතපාල ද සිල්වා සූරීන් ගේ අධීක්ෂණය යටතේ 1973 දී ඔවුන් සිදු කළ 'සිංහල භාෂාව පිළිබඳ පදිමවිචාරාත්මක අධ්‍යයනය' (A Morphological Study of Sinhalese) සඳහා එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයය ඔවුනට දර්ශනසූරී උපාධිය පිරිනැමී ය. අනතුරු වැ මවුබිමට පැමිණි අභයසිංහ සූරීහු කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සේවයට එක් වූවාහු කිහිප විටක් ම එහි ප්‍රධාන ධුරය ද හෙබැවූ හ.  ව්‍යාකරණයත් වාග්විද්‍යාවත් කෙර...

ජේ. බී. දිසානායක සූරීන් ගේ අං-වලිග හෝඩි මුළාව

Image
සේවාර්ජිත මහාචාර්ය ජේ. බී. දිසානායක සූරීන් ජාත්‍යන්තර සිංහල හෝඩියට ඥ අක්ෂරය එක් කළ බවක් කියමින් සුනිල් දෑරංගල සූරීන් ලියා ඇති සටහන සම්පූර්ණයෙන් ම පාඨකයා නොමඟ යවනසුලු කරුණින් මුළාවට වැටී ලියා ඇති එකක් බව නො කියා බැරි ය. මේ වනාහි අප හිතවත් ජේ. බී. දිසානායක සූරීන් හිතා මතා ගොතා කියන කතාවකි. මේ කතාවෙන් සුනිල් දෑරංගල සූරීන් වැන්නවුන් පවා මුළාවට වැටී ඇති බවක් පෙනෙන කලැ සෙස්සවුන් ගැන කවර කතා ද?  මීට දශක දෙකහමාරකට පෙර 1998 දී ජේ. බී. දිසානායක සූරීන් ග්‍රීසියේ ක්‍රීට් නුවරට ගිය බව සැබෑ ය; එහි පැවැති සමුළුවකට සහභාගි වූ බවත් සැබෑ ය. එහෙත් එය හෝඩි සමුළුවක් නො වේ. ඒ වනාහි ජගත් විශ්වකේත සාමූහිකත්වය (International Unicode Consortium) විසින් ඇතැම් භාෂාවල විශ්වකේත සම්මත කිරීම සඳහා පැවැත්වුණු සමුළුවකි. විශ්වකේත පද්ධතියේ ලොව හැම භාෂාවකට ම අදාළ රූපාක්ෂර කේත ඵලකයක් (character code table) සහ රූපාක්ෂර නාමාවලියක් (character name list) ඇත. ජේ. බී. දිසානායක සූරීන් ප්‍රමිති ආයතනය වෙනුවෙන් ඒ සමුළුවට ගිය ශ්‍රී ලාංකික නියෝජිතයා ය.  සිංහලයනට යතුරු ලිවීමට ඇවැසි තාක් සියලු ම අක්ෂර (letters) සහ රූප (forms) නිර...

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?

වර්තමානයේ 'කොම්පඤ්ඤ වීදිය' යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය සඳහා ඉංගිරිසියෙන් යොදන 'Slave Island' යන නාමය ඉවත් කිරීමට අගමැති ලේකම් තැන නියෝග පමුණුවා ඇති බව වාර්තා වේ. මේ වනාහි 'Slave Island' යනු 'වහල් දූපත' යන අරුත ඇති බැවින් ඒ ප්‍රදේශයේ ජීවත් වන්නන් වහලුන් නොවන බව ලොවට මුර ගා කීම සඳහා ඉතා දුර දක්නා නුවණින් කළ වැඩක් බව පෙනේ. එහෙත් ඒ සා දුර දක්නා නුවණක් නැති අපට මෙහි පෙනෙන්නේ ඉතිහාස ඝාතනයක් පමණි.  පුරාණ කොළඹ නගරය පිළිබඳ තතු විමැසීමේ දී පැහැදිලි වන පළමු වැනි කරුණ නම් 'කොම්පඤ්ඤ වීදිය' යනුත් 'Slave Island' යනුත් සපුරා සමාන භූමි ප්‍රදේශයක් නොවන බව යි. 'Slave Island' යනු තුන් පසෙකින් බේරේ වැවෙන් වට වූ තරමක් විශාල භූමි ප්‍රදේශයෙකි. නමින් මැ ඇඟැවෙන පරිදි 'කොම්පඤ්ඤ වීදිය' යනු වීදියෙකි; 'Slave Island' යනු දූපතෙකි. වීදියක් හා දූපතක් හා දෙකක් බව නො දන්නෝ අග්‍රාමාත්‍ය කාර්යාලයයේ මිස අන් කොහි වෙත් ද?  පුරාණ කොළොඹ නගර සිතියම් අනුව තහවුරු වන්නේ 'කොම්පඤ්ඤ වීදිය' යනු 'වහල් දූපතේ' එක් කොටසක් පමණක් බව යි. සම්පූර්ණ වහල් දූපතට...

ලබු ප්‍රශ්න විසර්ජනය

'ලබ්බ' යනු 'මල් පොකුර' බව මහාචාර්ය රත්නසිරි අරංගල සූරීන් පවසනවා. 337 වැනි සීගිරි ගීයෙහි ඒ පදය 'මල් පොකුර' යන අරුතින් යෙදී ඇති බව යි එතුමා දක්වන්නේ. එහෙත් 'ලබ්බ' යන්නෙහි ප්‍රකට අර්ථය 'ලබු ගෙඩිය' හෝ ලබු ගෙඩියක හැඩය ගත් 'අණ්ඩකෝශය' හෝ බව පැහැදිලි කරුණක්. ජන වහරේ ඊට සාධක තිබෙනවා. 337, 359 සීගිරි ගී දෙකේ පිළිවෙළින් 'ලබුයට්', 'ලබුයුක්' කියලා වචන දෙකක් තියෙනවා. වත්මන් වහරින් 'ලබුයට්' යන්න 'ලබ්බට' යනුවෙන් ද 'ලබුයුක්' යන්න 'ලබ්බක්' යනුවෙන් ද දක්වන්න පුළුවන්. මේ පද දෙකේ පොදු ප්‍රකෘතිය වන 'ලබු' යන්නට සෙනරත් පරණවිතාන සූරීන් 'flowering branch' (මල් පිපුණු කිනිත්ත) කියලා අර්ථ දක්වලා තිබෙනවා. මේ 'ලබු' යන්න සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන්නෙන් විකාශය වූ බව යි එතුමා දක්වන්නේ. සංස්කෘත භාෂාවේ 'ලම්බක' යන පදයෙහි 'flowering branch' යන අරුත ඇති බව මෝනියර් විලියම්ස් සූරීන් පෙන්වා දෙනවා. ඒ අනුව 'ලබුයට්', 'ලබුයුක්' සඳහා පරණවිතාන සූරීන් ගේ අරුත් දැක්වීම් ගැන සැක...

සුප්‍රබුද්ධ පොදු ජන ගායක නිහාල් නෙල්සන්

Image
නිහාල් නෙල්සන් (1946 ජනවාරි 01 - 2022 දෙසැම්බර 13)     සිංහල සංගීත ක්ෂේත්‍රයේ අනන්‍ය මුද්‍රාවක් සනිටුහන් කළ නිහාල් නෙල්සන් ගේ වියොව මෙරට එක්තරා ගායක කුලකයක සමාප්තිය සනිටුහන් කරයි . මේ ගායක කුලකය වනාහි මෙරට පොදු ජනයා ගේ ජීවිතය ගැන , පොදු ජනයා ගේ බසින් , පොදු ජනයා ගේ රිද්මයට ගයමින් , පොදු ජනයා අතර ම ගැවැසී ජීවත් වූ ගායක කුලකය යි . එබැවින් ඔහු තුමූ ' පොදු ජන ගායක ' යන නමට නිසි වෙති . මා ගේ මෘතිකත්වය අනුව මේ කුලකයට බොහෝ ගායකයන් අයත් වූ හ යි කිය නොහැකි ය . මේ කුලකයට අයත් වූයේ වොලී බැස්ටියන් , එම් . එස් . ප්‍රනාන්දු , ඇන්ටන් ජෝන්ස් සහ ඇතැම් විට ධනපාල උඩවත්ත පමණි . ධනපාල උඩවත්ත අරබයා ' ඇතැම් විට ' යන විශේෂණය යෙදුවේ ඔහු ගේ ඇතැම් ගීත පමණක් මෙකී කුලකයට ඇතුළත් වන බැවිනි . එබැවින් පොදු ජන ගායක කුලකයේ අන්තිමයා නිහාල් නෙල්සන් ලෙසත් ඔහු ගේ වියොව පොදු ජන ගායක කුලකයේ නිමාව ලෙසත් හැඳින්වීමේ වරදෙක් නො වේ . මේ ලිපියේ අරමුණ වන්නේ නිහාල් නෙල්සන් සුප්‍රබුද්ධ පොදු ජන ග...