Posts

Literature in Anuradhapura Period

Image
Jetawana Stupa captured by the author            This article intends to provide a brief exposition of the few literary works written during the Anuradhapura period, providing substantial information about the early history of literature in Sri Lanka.           The earliest attested records of the Sinhalese script belong to the Anuradhapura period, specifically, to the 3 rd century BC. These are the inscriptions written in the Brahmi script which depict the gradual development of the Sinhalese alphabet, and the literary language. The first reference in historical sources to any written work is about 80 BC, but both Sinhalese and Pali literature is believed to have existed at least two centuries before this. There are evidence of three books belonging to the early Anuradhapura period which do not exist any longer. They are ‘Asak Daa Kawa’ ( අසක් දා කව ), ‘Porana Miyuru Sandesa’ ( පොරණ මියුරු සඳෙස ) , and ‘Helatuwaa’ (...

සුබ අලුත් අවුරුද්දක් වේ වා!

අලුත් අවුරුද්දේ  සුබ පතන විට බොහෝ දෙනාට ඇති වන පොඩි අවුල් දෙකක් ගැන මෙසේ ලියන්නට සිත් විය. මේ අවුල ලිහා-ගත් කල වරද්දා-ගන්නේ නැති ව සුබ පැතිය හැකි යි. පළමු වැනි අවුල මේ 'සුබ' ගැන යි. ශුභ, සුභ, සුබ යන තුන් ආකාරයෙන් මැ මේ වදන දක්නට ලැබේ. ඒ නිසා නිවැරැදි කිමෙක් දැ යි යමකු සිත්හි විචිකිච්ඡාවක් ඉපැදීම සාධාරණ ය. මේ තුන මැ හරි. 'ශුභ' ආවේ සකුයෙනි. 'සුභ' ආවේ පාළියෙනි. ඒ දෙදෙනා හෙළ බසට හැඩගැසුණේ 'සුබ' යනුයෙනි. දැන් ගැටලුව ඇති වන්නේ කවර තැනක කවර වදන යෙදිය යුතු ද යන්න ගැන ය. එහි දී අප තැකිය යුත්තේ ශ්‍රැති මාධුර්යය යි. 'අලුත් අවුරුද්ද' යන්න හෙළ යෙදුමෙකි. සෞම්‍ය ශබ්ද සංයෝගයක් වන ඒ සමඟ මහාප්‍රාණ හා ශ'කාර වැනි රළු ශබ්ද පෑහෙන්නේ නැත. ඒ නිසා සුදුසු වනුයේ 'සුබ අලුත් අවුරුද්ද' යි. 'නැකැත' යනුත් හෙළ වදනක් නිසා ඒ සමඟ ද යෙදිය යුත්තේ 'සුබ' යන්න යි. 'ශුභ' යන්න යෙදිය යුත්තේ සකුයෙන් ගත් 'ප්‍රාර්ථනා' වැනි වදන් සමඟ යි. 'සුභ' යන්න යෙදිය යුත්තේ පාළියෙන් ගත් වදන් සමඟ යි. පාළි වදන් කට වහරේ මුත් ගත් වහරේ එතරම් නො යෙදෙන නිස...

සිංහල භාෂා ව්‍යාකරණ විෂයයෙහි සුචරිත ගම්ලත් ශාස්ත්‍රීය සම්ප්‍රදානය: නිරික්සුම් කිහිපයක්

Image
          පසු ගිය අප්‍රේල් පස් වැනි දා බෘහස්පති සරසවියේ පැවැති සුචරිත ගම්ලත් සමරුයෙහි දී අප පැවැත්වූ දෙස්ම ලිපියක් කොට සකසා පුවත්පතෙක පළ කරන ලෙස ඒ දෙස්ම ඇසූ නෑසූ බොහෝ හිතවතුන් ගෙන් ඉල්ලීම් ලැබිණි. ලිපිය සැකැසීමට මඳ කලක් ගත වනු ඇති බැවින් දෙස්මෙහි සැකිල්ල මෙ සේ පළ කෙරෙමු. ලිපිය පමා වීම ගැනැ ඔහු තුමූ අපට සමාව දෙත් වා! 01. නව මත පළ කිරීම I. සිංහල තද්වර්ගාන්තාදේශ සන්ධිය මහාචාර්ය සුචරිත ගම්ලත්හු    නව සිංහල ව්‍යාකරණය 4 (පි. 88) II. කරා/ කරාට, කෙරෙහි/ කෙරේ, කෙරෙන් යන නිපාතවල නිරුක්තිය    නව සිංහල ව්‍යාකරණය 1 (පි. 93) 02. පවත්නා මත අභියෝගයට ලක් කිරීම හා සංශෝධනය කිරීම I. ස්ත්‍රී ලිංග ආඛ්‍යාත සාධනය    a. ස්ත්‍රී ඒක වචන -උ’ ප්‍රත්‍යයය    b. ස්ත්‍රී ඒක වචන -අ’ප්‍රත්‍යයය    c. උත්තමාර්ථයේ බහු වචනය    d. අතීත කාල ආ’ප්‍රත්‍යය    නව සිංහල ව්‍යාකරණය 3 (පි. 19-25) II. හෙළ යන වදනෙහි නිරුක්තිය     නව සිංහල ව්‍යාකරණය 1 (පි. 81) 03. පවත්නා මත එක පැහැර ප්‍රතික්‍ෂේප ...

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

Image
එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය. සී. ටී. ගුවන් විදිලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ “සවස් කල ඇලේ හමන මඳ නලේ” නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දී ම සූරියරාණි සමඟ ගැයූ “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී.ටී. වෙනුවෙන් පමණක් ගී ලියූ ආර්. ...

සමකාලීන ගාලු පුර ප්‍රාදේශික ව්‍යවහාරය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්

Image
ජන වහරේ යෙදෙන ජීව භාෂාවක් කලින් කලටත් පළින් පළටත් වෙනස් වීම ලෝ දහම යි. යම් බසක් කතා කරන භාෂක සමාජයක් ( Speech Community ) සැතැපුම් සිය - දහස් ගණනෙකින් විසාල භූගෝලීය ප්‍රදේශයෙක පැතිරැ - ගිය කල, පෙදෙසින් පෙදෙසට බස් වහරේ විවිධතා ඇති වේ. මෙ කී ප්‍රදේශ අතරෙහි සන්නිවේදනය ඝනත්වය ( Density of Communication ) දුබල වීමත්, උපසංස්කෘතික පරිසරයන්හි බල - පෑමත් ( Sub-cultural Contact ) මෙ ලෙස බස් වහර වෙසෙස් වෙස් ගැනීමට ප්‍රධාන හේතු ලෙස වාග් විද්‍යාඥයෝ දක්වති. මෙ ආකාරයට ප්‍රාදේශික වසයෙන් බස් වහරෙහි දක්නා ලැබෙන විශේෂතා හැදෑරීම භූගෝලීය වාග්විද්‍යාව ( Geographical Linguistics ) නම් වේ. භූගෝලීය වපසරිය අනුව බෙහෙවින් කුඩා කොදෙවුවක් වුව ද ශ්‍රී ලංකාවේ නොයෙක් පෙදෙස්හි පවත්නා සමාජ-සංස්කෘතික විශේෂතා මත බිහි වූ ප්‍රාදේශික උපභාෂා ව්‍යවහාර ( Regional Dialects ) බොහෝ දැක්ක හැකි ය. පියසේන කහඳගමගේ, මහාචාර්ය ජේ. බී. දිසානායක වැනි වියත්තු සිංහළයේ ප්‍රාදේශික ව්‍යවහාර පිළිබඳ ව බොහෝ පිරියෙසුම් කැරැ ඇත්තෝ ය. ඔවුන් ‘රුහුණු සිංහළය’ ( Southern Sinhala ) යනුවෙන් හඳුන්වන, ‘දකුණු පළාත් උපභාෂාව’ අනෙක් ප්‍රාදේශික උපභාෂා ...