සුනිල්-නන්දා කළ පරස්පර මෙහෙවර
* 1985 ජේ. ආර්. ගේ තිම්පු සාම සාකච්ඡාවලට එරෙහි ව "තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" කිව්වා. 1994 දී චන්ද්‍රිකා ගේ සාම සාකච්ඡාවලට පක්ෂ ව "නිලම්බරේ සුදු පරෙවි රෑන්" කිව්වා. පරස්පර නැද්ද?
* 2002 රනිල් ගේ අලි-කොටි ගිවිසුමට පක්ෂ ව "ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙවෙයි ලේ" කිව්වා. ඉන් පස්සෙ 2006 දී මහින්ද යුද්ධය පටන් ගත්තා ම ඒකට පක්ෂ ව "කඳ දෙවියෝ රණ බිම් මැද බල සෙනගට මල් පිදූ හ" කිව්වා. පරස්පර නැද්ද?
* 1994 දී "රට කරවන්න නම් මසුරං ඇති ව කැටේ" කියලා විවෘත ආර්ථිකය සහ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලය විවේචනය කළා. 2010 දී ඒ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලයේ අඬහැරය වන කිලී මහරාජා ගේ "සිරස" එක්ක එකතු වෙලා "ශ්වේත රාත්‍රිය" ප්‍රසංග මාලාව කළා. පරස්පර නැද්ද?
* 2010 දී පුවත්පතකින් ඇහුවා ම "ගීතයෙන් දේශපාලන වෙනස් කම් කරන්න බැහැ" කියලා කිව්වා. දැන් 2022 දී දේශපාලන අරගල භූමියකට ගිහිල්ලා අරගලකරුවන් උසි ගන්වන සින්දු කියනවා. පරස්පර නැද්ද?
ඔය දෙන්නා කරන්නේ රැල්ල හැරෙන හැරෙන අතට බෝට්ටුව පදින එක. රැල්ල කොයි අතට හැරුණත් අන්තිමට එයාලගෙ දැලට මාළු අහු වෙනවා; බෝට්ටුව පිරෙනවා. අපේ මෝඩයෝ පරම්පරා කිහිපයක් තිස්සෙ හැම දා ම ඔය දැලට අහු වෙනවා. දේශපාලුවොත් වැඩි දෙනෙක් එන්නේ සුදු ඇඳගෙන තමයි.
එච්චර යි.
- ක. ක. ගනුෂ්ක රන්දුල
Comments
Post a Comment