Posts

Showing posts from 2026

සුනිල්-නන්දා කළ පරස්පර මෙහෙවර

Image
* 1984 "සත්‍යයේ ගීතය", 1987 "පවන" වගේ ප්‍රසංග කරලා 1983 දී තහනම් කරලා තිබුණ ජවිපෙ සාමාජිකයන් සන්නද්ධ අරගලයකට උසි ගැන්වුවා. 88/98 දී ඒ කොල්ලෝ නිරපරාදේ මැරුම් කද්දී ඉන්දියාවට පැනලා හැංගිලා ඉඳලා 1990 දී ආපහු ඇවිත් "සින්දු හෝඩිය", "හඳ හාමි" වගේ ළමා ගී කැසට් කළා. පරස්පර නැද්ද? * 1985 ජේ. ආර්. ගේ තිම්පු සාම සාකච්ඡාවලට එරෙහි ව "තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" කිව්වා. 1994 දී චන්ද්‍රිකා ගේ සාම සාකච්ඡාවලට පක්ෂ ව "නිලම්බරේ සුදු පරෙවි රෑන්" කිව්වා. පරස්පර නැද්ද? * 2002 රනිල් ගේ අලි-කොටි ගිවිසුමට පක්ෂ ව "ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙවෙයි ලේ" කිව්වා. ඉන් පස්සෙ 2006 දී මහින්ද යුද්ධය පටන් ගත්තා ම ඒකට පක්ෂ ව "කඳ දෙවියෝ රණ බිම් මැද බල සෙනගට මල් පිදූ හ" කිව්වා. පරස්පර නැද්ද? * 1994 දී "රට කරවන්න නම් මසුරං ඇති ව කැටේ" කියලා විවෘත ආර්ථිකය සහ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලය විවේචනය කළා. 2010 දී ඒ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලයේ අඬහැරය වන කිලී මහරාජා ගේ "සිරස" එක්ක එකතු වෙලා "ශ්වේත රාත්‍රිය" ප්‍රසංග මාලාව කළා. පරස්...