Posts

වියරණ පැනයට පිළිතුර: 1 වංශ ද? වංස ද?

සංස්කෘත භාෂාවේ 'වංශ' යනුවෙන් යෙදෙන නාමය පාළි භාසාවේ 'වංස' යනුවෙන් සහ සිංහල භාෂාවේ 'වස්' යනුවෙන් යෙදෙනවා. ඒ නිසා 'වංශ' යන්නත් 'වංස' යන්නත් දෙක ම නිවැරැදි යි. හැබැයි ඒවා යෙදෙන පරිසර වෙනස්. 'මහා වංසය', 'දීප වංසය', 'බෝධි වංසය', 'දාඨා වංසය' ආදි අපේ වංස කා බොහොමයක් පාළි භාසාවෙන් ලියැවුණු ඒවා. ඒ නිසා ඒ පොත්වල නම් ලියා දැක්වීමේ දී 'වංස' යන පදය යෙදිය යුතු යි. සිංහලයෙන් ලියැවුණු 'සිංහල බෝධි වංශය', 'අනාගත වංශය' වැනි පොත්වල 'වංස', 'වංශ' යන දෙකෙන් ඕනෑ එකක් යෙදිය හැකි යි. මොක ද මිශ්‍ර සිංහලයේ පාළි වචනත් සංස්කෘත වචනත් හරි හරියට පාවිච්චි වෙන නිසා. ඔය අනුව 'ථූප වංසය' මිසක් 'ථූප වංශය' කියන එක උචිත නැහැ. 'ථූප' කියන වචනෙ පාළි නිසා ඒකත් එක්ක ගැළැපෙන්නේ 'වංස' කියන පාළි වචනය. නිරුක්ති අනුව බැලුවා ම වංශ/ වංස කියන්නේ 'උණ පුරුක' කියන අරුත. ‍යම් ජාතියක පරම්පරා කථාව එකිනෙක බැඳුණු උණ පුරුක් දාමයක් වගේ හින්දා තමයි උපචාරාර්ථයෙන් (metaphoric meaning) ඒකට '...

මැකෝලි ගේ දරුවන් ගේ ගිරිගොරිස් අවුරුද්ද

Image
" We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern , - a class of persons Indian in blood and colour , but English in tastes , in opinions , in morals, and in intellect . " - Thomas Babington Macaulay 2 nd February 1835 “අප දැන් වෑයම් කළ යුත්තේ අප හා අප විසින් පාලනය කරනු ලබන දශලක්ෂ ගණනක් ජනයා අතර තෝල්කකම් කිරීම සඳහා ලෙයින් සහ පැහැයෙන් ඉන්දියානුවන් වූ ද රසඥතාව, මතවාද, සාරධර්ම හා චින්තනයෙන් ඉංගිරිසින් වූ ද පංක්තියක් බිහි කිරීමට යි.” - තෝමස් බැබිංටන් මැකෝලි 1835 පෙබරවාරි 02 __________________________________________________________________ ගිරිගෝරිස් කැලැණ්ඩරේ එක අවුරුද්දක් ඉවර වෙලා තව එකක් පටන් ගැනීම නිමිත්තෙන් මටත් සුබ පැතුම් පණිවිඩ අසූවක් විතර ලැබුණා. මට සුබ පතපු හැම දෙනාට ම මමත් පෙරළා සුබ පැතුවා. මොකක් හරි නිමිති කරගෙන මනුස්සයෙක්ට සුබ පතන එක හොඳ යි. හැබැයි අනික් අතට බැලූවා ම මෙත් බවුන වඩලා පුරුදු සිංහල බෞද්ධයාට අනිකාට සුබ පතන්න අමුතු හේතු ඕනෙත් නැහැ. හැම දා ම තමන් ගේ හිතේ සුබ පැතුම් තියෙන්න එ...

සිංහළ ද? සිංහල ද?

1. 'සිංහල' වෙනුවට 'සිංහළ' ලිවීම හෙළ හවුල ඇති කළ ප්‍රවණතාවක් නො වේ. ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, ඩී. බී. ජයතිලක, ජේම්ස් ද අල්විස්, ජුලියස් ද ලැනරෝල් වැනි මුලින් ම මෙසේ ලියූ වියත්තු හෙළ හවුලේ ඇත්තෝ නුවූ හ. පසු ව සී. ගොඩකුඹුරේ ද මෙසේ ලිවී. 2. ගල්පොත පුවරු ලිපිය, සාහස්සමල්ල රජු ගේ ලිපිය, පල්කුඹුරේ සන්නස ඈ පොලොන්නරු යුගයේ අභිලේඛන කිහිපයෙක ම මෙසේ යෙදී තුබුණු බව මතක යි. ඒවා හෙළ හවුලේ අය ලියූ ඒවා නොවන බව වෙසෙසා කියා යුතු නැතැ යි සිතමි. 3. මෙසේ ලිවීම ගැන 1939 දී කුමාරතුංග මුනිදාස ගෙන්  සුබසේ පාඨකයකු විමැසූ විට ඔහු කීවේ එසේ ලිවීම වැරැදි බව යි. සංස්කෘත තත්සමයක් වන මෙහි ළ'යන්නක් විය නොහැකි බව ඔහු සසාධක ව පහදා තිබිණි. 4. 1941 දී සුබසට ලියූ ලිපියෙක කුමාරතුංග මුනිදාස කීවේ 'සී-හෙළ' යන්න පද දෙක සන්ධි වී 'සීහළ' වී එය 'සිංහල' යනුවෙන් සකුවට ගිය බව ය. සී (චී) හෙළ යන්න ඔහු කීවේ විජයාදි ආර්යයනට ගැති කම් කළ හෙළයනට ය. 5. යක්, නා, අසුර, රකුස් යන සිවු ගෝත්‍ර හැඳින්වීමට යෙදූ සිවු හෙළ යන්න සිවු+හෙළ > සී+හෙළ > සීහළ > සිංහළ වූ බව මුලින් ම කීවේ ජයමහ වෙල්ලාල ය...

සිංහලයෙන් ලොවට ගිය තත්සම තද්භව භේදය

ලෝකයේ භාෂා අධ්‍යයන ඉතිහාසය විමසා බැලුවා ම ප්‍රධාන සම්ප්‍රදාය දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ ප්‍රාචීන සම්ප්‍රදායය (Oriental Tradition) සහ ප්‍රතිචීන සම්ප්‍රදායය (Western Tradition) යනුවෙන්. ප්‍රාචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ භාරතය. ප්‍රතිචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ ග්‍රීසිය. පුරාණ භාරතීය භාෂාඥයන් සංස්කෘත භාෂාව පිළිබඳ සූක්ෂ්ම විග්‍රහාත්මක අධ්‍යයනවල යෙදුණ කාලයේ පුරාණ ග්‍රීක භාෂාඥයන් කෙළේ භාෂාව ගැන දාර්ශනික සංවාදවල යෙදීම. මේ නිසා ප්‍රාචීන සම්ප්‍රදායය ප්‍රතිචීන සම්ප්‍රදායයට වඩා බොහෝ ඉදිරියෙන් පැවති බව ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් (Leonard Bloomfield) , ඩබ්. ඇස්. ඇලන් (W. S. Allen) වගේ නූතන වාග්විද්‍යාඥයන් පවා පිළිගෙන තියෙනවා. නූතන උච්චාරණ විෂයක ශබ්ද ශික්ෂාඥයන් (Articulatory Phoneticians) පාණිනිට සදා ණය ගැති බව වරක් ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කරලා තිබුණා. ඒ විදියට ප්‍රාචීන සම්ප්‍රදායයෙන් ප්‍රතිචීන සම්ප්‍රදායය උකහා ගත්ත තවත් එක් වාග්විද්‍යාත්මක සිද්ධාන්තයක් ගැන හෙළි දරවු කිරීම තමයි මේ කෙටි ලියැවිල්ලේ අරමුණ. සිංහල භාෂාව අධ්‍යයනය කරන කවුරුත් පාහේ තත්සම, තද්භව, නිෂ්පන්න කියන වර්ගීකරණය ...

කුමරතුඟු මුනිදස් අත් අකුරු

Image
මේ කුමරතුඟු මුනිදසුන් 1932 දී රැසැයූ "පරෙවි සන්දේශ විවරණයේ" මුල් පැහැරැවුමේ පළමු වැනි පිටුවේ සේයාරුවෙකි. මෙහි "ස්වදේශ මිත්‍රයා සංස්කාරක තුමාණනට තුටු පඬුරු" යි ලියා ඊට යටින් "මු. කු." යන කෙටි අස්සනත් "1932. 11" යන දිනයත් යොදා ඇත්තේ කුමරතුඟු මුනිදසුන් විසිනි.   පසු ගිය දාක අපට මෙය හමු වූයේ කැලැණි සරසවි පොත් ගුලේ පුවසුරු D. J. විජයරත්න පොත් එකතුව පිරික්සූ විටෙක ය. කුමරත ුඟු අත් අකුරුවලට පහළින් ඇත්තේ පුවසුරු D. J. විජයරත්නයන් ගේ මුද්‍රාව යි. "D. J. WIJAYARATNE, University of Ceylon, PERADENIYA" යනුවෙන් එහි සඳහන් වේ. පේරාදෙණියේ ලක් සරසවියේ සිංහල පුවසුරුවකු ව සිටි D. J. විජයරත්නයන් බොහෝ දෙනා හඳුනන්නේ "History of the Sinhalese Noun" නම් ගත් රුවනෙහි කතුවරයා හැටියට ය. ඒ සැබෑ ගත් රුවනක් බවත් එහි කතුවරයා සැබෑ පඬි රුවනක් බවත් ඊට බැලුම් අසක් හෝ දුන්නාහු දනිති. 1932 නොවැම්බරයේ දී 'ස්වදේශ මිත්‍රයා' සකසුවනට කුමරතුඟු මුනිදසුන් තිළිණ කළ මේ පොත D. J. විජයරත්නයන් අතට පැමිණියේ කෙසේ දැ යි කියන්නට නම් අපි නො දනුමු.

විවියන් ද සිල්වා බොරලැස්ස

Image
සී. ටී. ප්‍රනාන්දු, මොරිස් දහනායක, කාන්ති වක්වැල්ල, වින්සන් ද පෝල් පීරිස්, සිඩ්නි ආටිගල ඈ පරපුරෙහි මෙ තෙක් කල් දිවමන් වැ සිටි ජ්‍යේෂ්ඨතම ගායිකාව වූ විවියන් ද සිල්වා බොරලැස්ස සිංහල ගීත සාහිත්‍යයට අමරණීය ගී රැසක් තිළිණ කළ ප්‍රවීණ නිර්මාණ ශිල්පිනියකි. අසූ හය වසක් ආයු සංස්කාරය වින්දනය කළ ඕ තොමෝ පසු ගිය දාක සිය ජීවන ගීය නිමා කළා විවියන් ද සිල්වා බොරලැස්ස ය. ඇය ගේ ජනප්‍රියතම ගීය වූයේ කාන්ති වක්වැල්ල සමග ගැය ූ 'දුර පෙනෙන තැනිතලා' ගීය යි. ඊට අමතර වැ ඇය ගැයූ 'නවතින්න තිස්ස ඇයි මේ', 'සම්බුදු මංගල්ලේ', 'නංගී නංගී රූපිකා' වැනි ගීත ද ජනප්‍රසාදයට පාත්‍ර විය. ඉන් ඇතැම් ගීයෙක තනු හින්දී ගීත අනුකරණයෙන් නිමැවුණේ වුව විවියන් ගේ ගායනයෙහි වූයේ නිර්ව්‍යාජ සිංහල ස්වරයෙකි. 'දුර පෙනෙන තැනිතලා' ගී තනුවෙහි ඇති බටහිර ඌරුව යටපත් වන්නේ ද ඇය ගේ මේ සිංහල ගායනයෙනි. වරක් විවියන් ගේ උපන් දිනයක් නිමිති කොටගෙන නුවන් නයනජිත් කුමාර ලියූ ඉතා හොඳ ලිපියක් 'සිළුමිණේ' පළ වූ බව මට මතක ය. විවියන් විවිසමින් ඒ ලිපිය ඉක්මවන යමක් ලිවීමට මට හැකියාවෙක් නැති. එ බැවින් හුදු පෞද්ගලික අන...

"අයාලේ ගිය සිතක සටහන්"

Image
තිස්ස අබේසේකර ඊයේ දවාලේ මා කිරිබත්ගොඩ සරසවි පොත්හලට පිවිසියේ වැඩි බලාපොරොත්තුවක් ඇති ව නො වේ. මින් පෙර ගාල්ලේ සරසවි පොත්හලින් ඒ පොත ගැන විමසා මා ලද උදාසීන ප්‍රතිචාරය මා සිතේ තිර ව රැඳී තිබිණි. එහෙත් කිරිබත්ගොඩ දී මට වාසනාව උදා විය. ටික වේලාවක් පොත් රාක්කයක් ඇවිස්සූ වෙළෙඳ සහායිකාවක් මා ඉල්ලූ පොත සොයාගෙන මා අත තැබුවා ය. ඉන් මා වත ප්‍රභාවත් වනු ඇය ද දකින්නට ඇත. මා සොයා ගියේ තිස්ස අබේසේකර ගේ 'අයාලේ ගිය සිතක සටහන්' ය. මින් පෙර ඔහු ගේ චිත්‍රපට රසිකයකු වූ මා මුලින් ම ඔහු ගේ පාඨකයකු වූයේ ඊයේ දවාලේ ය. මා තිස්ස ගේ මේ පොත සොයන්නට වූයේ සී. ටී. ප්‍රනාන්දු ගැන ඔහු ලියා ඇති යමක් දැනගනු පිණිස ය. සී. ටී. ගැන තිස්ස මහත් අභිරුචියෙන් ලියා ඇති බව මා මීට බොහෝ කලකට පෙර දැනගත්තේ සුනිල් මිහිඳුකුල ගේ ලිපියෙකිනි. තිස්ස ගේ අදාළ ලිපිය 'අයාලේ ගිය සිතක සටහන්' නම් පොතෙක ඇති බව ආරඤ්චි වූයේ අන්තර්ජාලයේ සහෘදයකු ගෙනි. මා තිස්ස ගේ පොත මහත් ආශාවෙන් කියවන්නට පටන් ගත්තේ මට අවශ්‍ය වී තුබුණු කරුණ සොයාගන්නට ‍ය. එහෙත් මට හමු වූයේ ඒ කරුණ පමණක් නො වේ. ඒ හා සබැඳි තව ද බොහෝ වැදැගත් කරුණු රැසක් ඉන් මතු විය. ආන...