2. ගල්පොත පුවරු ලිපිය, සාහස්සමල්ල රජු ගේ ලිපිය, පල්කුඹුරේ සන්නස ඈ පොලොන්නරු යුගයේ අභිලේඛන කිහිපයෙක ම මෙසේ යෙදී තුබුණු බව මතක යි. ඒවා හෙළ හවුලේ අය ලියූ ඒවා නොවන බව වෙසෙසා කියා යුතු නැතැ යි සිතමි.
3. මෙසේ ලිවීම ගැන 1939 දී කුමාරතුංග මුනිදාස ගෙන් සුබසේ පාඨකයකු විමැසූ විට ඔහු කීවේ එසේ ලිවීම වැරැදි බව යි. සංස්කෘත තත්සමයක් වන මෙහි ළ'යන්නක් විය නොහැකි බව ඔහු සසාධක ව පහදා තිබිණි.
4. 1941 දී සුබසට ලියූ ලිපියෙක කුමාරතුංග මුනිදාස කීවේ 'සී-හෙළ' යන්න පද දෙක සන්ධි වී 'සීහළ' වී එය 'සිංහල' යනුවෙන් සකුවට ගිය බව ය. සී (චී) හෙළ යන්න ඔහු කීවේ විජයාදි ආර්යයනට ගැති කම් කළ හෙළයනට ය.
5. යක්, නා, අසුර, රකුස් යන සිවු ගෝත්‍ර හැඳින්වීමට යෙදූ සිවු හෙළ යන්න සිවු+හෙළ > සී+හෙළ > සීහළ > සිංහළ වූ බව මුලින් ම කීවේ ජයමහ වෙල්ලාල ය. එය පතළ කෙළේ ඔහු ගේ සිසු වූ අරීසෙන් අහුබුදුත් අහුබුදු ගේ මිතුරු වූ ඊලියන් ද සිල්වාත් ය.
6. 'සීහං ලුනුවා ඉති සීහළෝ' යන නිරුත අනුව පාලියේ 'සීහළ' යනුවෙන් ළ'යන්න යෙදේ. සකුවේ ස්වාර්ථ තද්ධිතයක් ලෙස නමුත් 'ලානය' යන අරුතින් ල' යන්නක් නො යෙදේ. 'සිංහල' යන්නෙහි ල'යන්න සකුවේ ළ'යන්නක් නැති නිසා ලියූ වෙකැ යි සිතිය හැකි ය.
7. මහාචාර්ය එම්. එච්. ගුණතිලක, මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ වැනි හෙළ හවුලට හවුල් නැති වියත්තු ද එසේ ලියූ හ. මම ද කලක් එසේ ලිවීමි. සිංහළ යන්න සෙසු සංස්කෘත තත්සම පද හා සමාස කිරීමේ දී නුහුරක් දැනෙන බැවින් දැන් නො ලියමි.
No comments:
Post a Comment