ගෞතම බුදුන් පහළ වූයේ ශ්‍රී ලංකාවේ ය යන අමූලික මිථ්‍යාව පතුරන අය අතුරෙන් ප්‍රමුඛයකු
වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ලියූ පොත් කිහිපයක් අපි කියවා බැලූමු. ඒ පොත්
පෙළේ පළමු වැන්න වන “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යන්න 2009 දී
පළ වූවෙකි. එහි දෙ වැනි කොටස 2010 දී පළ විය. පොත් පෙළේ අලුත් ම පොත 2015 දී පළ වූ
“ගොතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගතයුත්තේ ඇයි?” යන්න යි. සිහි නුවණ ඇති
පාඨකයන් ගේ ඉළ කැඩෙන තරමට සිනා නංවන දෑ කෙතෙකුත් මේ පොත් තුනේ ම තිබේ. ඒ අතුරින්
වෙසෙසින් අප සිත් ගත්තේ ගෞතම බුද්ධ චරිතය හා සම්බන්ධ ග්‍රාම නාම සඳහා ඒ හිමි සපයන
නිරුක්ති සමුදායය යි. මේ සැකෙවි සටහනේ අරමුණ ‘පරම පවිත්‍ර සිරි සද්ධර්මය’ යි
කියමින් ඒ හිමි ඇද බාන පරස්පර නිරුතක් ගැන යි.
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන අන්දමට සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත් වූ තැන (බුද්ධගයාව) පිහිටියේ ශ්‍රී ලංකාවේ හරි මැද ය. ඒ හිමි එතැන හඳුන්වන්නේ ‘මධ්‍ය මණ්ඩලය’ යනුවෙනි. ගණන් බලා දක්වන අන්දමට මේ ‘මධ්‍ය මණ්ඩලය’ ඇත්තේ වර්තමානයේ ‘හිරිවඩුන්න’ යනුවෙන් හැඳින්වෙන ග්‍රාමයෙහි ය. ඒ හිමි පරස්පර බොරු ඇද බාන්නේ මේ ග්‍රාම නාමයට නිරුක්ති කියන්නට ගොසිනි. 2009 දී පළ කැරුණු වන “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” නම් පොතෙහි 61 වැනි පිටුවේ සඳහන් පරිදි ‘හිරිවඩුන්න’ යනුවෙන් වහරට පැමිණ ඇත්තේ ‘හිමි වැඩ උන්න’ යන්න යි. එහි ලා ‘හිමි’ යන පදයෙන් අදහස් කොට ඇත්තේ ‘බුදු හිමි’ බව පැහැදිලි ය. ඒ අනුව 2009 දී ඒ හිමි කියන්නේ ‘හිමි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී ඇති බවෙකි. තතු මෙ සේ තිබිය දී 2015 දී පළ කැරුණු “ගොතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගතයුත්තේ ඇයි?” යන පොතෙහි 164, 165 පිටු දෙකෙහි සඳහන් පරිදි ‘හිරිවඩුන්න’ යනුවෙන් වහරට පැමිණ ඇත්තේ ‘සිරි වැඩ උන්න’ යන්න යි. එහි ලා ‘සිරි’ යන පදයෙන් අදහස් වන්නේ බුදුන් පිට දුන් ඇසතු රුක ලු. මේ අනුව 2015 දී ඒ හිමි කියන්නේ ‘සිරි+වැඩ+උන්න > හිරිවඩුන්න’ වී ඇති බවෙකි. ඔන්න පරස්පරය!
මේ නිරුක්තිවල සත්‍යාසත්‍ය
භාවය විමැසීමට අපි නො වෙහෙසෙමු. ළඟ දී ම ප්‍රසිද්ධ සභාවෙක හමු වී ඒ ගැන කථා කරමු.
දැන් අපට දැනගන්නට අවශ්‍ය ව ඇත්තේ යම් පදයකට 2009 දී දුන් නිරුක්තිය 2015 වන විට
වෙනස් වන්නේ කෙසේ ද යන්න යි. මුලින් දුන් නිරුක්තිය අනුව ‘හිමි+වැඩ+උන්න >
හිරිවඩුන්න’ වී තිබේ. පසු ව දුන් නිරුක්තිය අනුව ‘සිරි+වැඩ+උන්න > හිරිවඩුන්න’
වී තිබේ. මුල් නිරුක්තිය අනුව නම් ‘හිරිවඩුන්නට’ ඒ නම ලැබී ඇත්තේ ‘බුදු හිමි’ වැඩ
සිටි නිසා ය; පසු නිරුක්තිය අනුව නම් ‘සිරි මහ බෝ’ පිහිටි නිසා ය. 2009 දී වැඩ
සිටි බුදු හිමි 2015 දී සිරි මහ බෝ වූයේ කවර ප්‍රාතිහාර්යයෙකින් ද? මීවනපලානේ සිරි
ධම්මාලංකාර හිමි ගේ අනුගාමිකයන් ගෙන් විමැසීමට ප්‍රශ්න කිහිපයක් අපට තිබේ. ඔබේ
ශාස්තෲන් වහන්සේ කලින් කලට ‘පරම සත්‍ය’ මාරු කරන්නේ ඇයි? නිරුත්ති පටිසම්භිදා ඤාණ
ලාභියකුට කලින් කලට වෙනස් නිරුක්ති පෙනන බවක් දහමෙහි කියැවේ ද? දැන් අප පිළිගත
යුත්තේ මේ දෙකෙන් කවර නිරුක්තිය ද?
This comment has been removed by the author.
ReplyDelete෴ බුදුවරු උපදින ජම්බුදීපය ෴
ReplyDeleteබුදුවරු හා චක්‍රවර්ති රජවරු උපදින "ජම්බුදීපය" යනු ලෝකයේ තිබෙන මහාද්වීප හතරන් එකකි. දිව්‍ය/මනුස්ස ලෝක වලට අග්‍ර මහා පුරුෂයන් වන බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු පහල වන්නේ මහා භෞතික හා මිනිස් පරිවාර සම්පත් සහිත "මහාද්වීපයක" මිස කුඩා දූපත් වල නොවන බව බෞද්ධයාගේ සාමාන්‍ය දැනුමකි. ලෝකයේ ප්‍රධාන ගොඩබිම ලෙස තිබෙන මහාද්වීප හතර ධර්මයේ සඳහන් වන්නේ; 1-ජම්බුදීප, 2-උත්තරකුරු, 3-පුබ්බවිදේහ, 4-අපරගෝයාන ලෙසය.
ඒ මහාද්වීප වල පරිවාර දිවයින් ලෙස මහාද්වීප වටේට ලංකාව, මාලදිවයින වැනි දූපත් බොහෝ තිබේ.
බුදුවරුන් හා චක්‍රවර්ති රජවරු උපදින්නේ ඉහත සඳහන් මහාද්වීප හතරෙන් "ජම්බුදීප මහාද්වීපයේ" පමණි. මේ අනුව ලංකාව ජම්බුදීපය බවට බොරු ප්‍රචාර කරමින් බුද්ධචරිතය හා ධර්මය කෙලෙසන පුද්ගලයන් බුදුසසුන ගැන මූලික දැනුමක් නැති මුලා වුන බාහිර මිත්යාදෘෂ්ටිකයන්ය.
වර්තමානයේ මූලික බෞද්ධ අධ්‍යාපනයක් නැති මිත්‍යාදෘෂ්ටිකයන් විසින් බුද්ධචරිතය හා ධර්මය විකෘති කර ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ. බුදුදහම හා බෞද්ධ ඉතිහාසය ගැන සාමාන්‍ය දැනුමක් නැතිව බෞද්ධයන් ලෙස පෙනී සිටින අය විසින් මෙම දූෂිත ප්‍රචාරයන් කරන බව පැහැදිලිය.
දැනට පවතින ආගමක් වෙනස් කිරීමට බලපාන හේතු දෙකක් තිබේ.
1. ආගමක උගන්වන බොරු වැටහෙන විට එම ආගමික ග්රන්ථ නැවත වෙනස් කර ලිවීම.
2. ආගමක උගන්වන සත්‍ය නොවැටහෙන විට එම ආගමික ග්රන්ථ නැවත වෙනස් කර ලිවීම. මෙහිදී සිදුවන්නේ දැනට පවතින පිරිසිදු බුදුදහම නොවැටහෙන මිත්‍යාදෘෂ්ටිකයන් විසින් බුද්ධචරිතය හා දහම කෙලෙසීමයි.
බෝධිසත්වයන් වහන්සේ බුදුවීම සඳහා මෙලොව ඉපදීමටත් කලින් තුසිත දිව්‍ය ලෝකයේ සිට බුදුවරු උපදින කාලය, දීපය, දේශය, කුලය, මව යන කරුණු පහ "පංච මහා විලෝකනය" ලෙස නිරීක්ෂණය කිරීම ධර්මතාවයකි. මෙහි දීපය හා දේශය විලෝකනය මෙසේය...
"තතො දීපං විලොකෙන්තො සපරිවාරෙ චත්තාරො මහාදීපෙ ඔලොකෙත්වා තීසු දීපෙසු බුද්ධා න නිබ්බත්තන්ති, ජම්බුදීපෙයෙව නිබ්බත්තන්තීති දීපං පස්සි.
තතො ජම්බුදීපො නාම මහා, දස යොජන සහස්ස පරිමාණො. කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තීති ඔකාසං ඔලොකෙන්තො මජ්ඣිම දෙසං පස්සි."
එනම්, බෝධිසත්වයන්...
(...මෙසේ දීපය බලන විට පරිවාර දිවයින් සහිත මහාද්වීප හතර දැක එයින් 3ක බුදුවරු නූපදින බව හා ජම්බුදීප මහාද්වීපයේම උපදින බවත් පෙනුනි.
එයින් ජම්බුදීප යනු යොදුන් 10000ක මහාද්වීපයක් නිසා එහි කුමන පෙදෙසක බුදුවරු උපදිනවාද බලන විට මධ්‍ය දේසය පෙනුනි...)
2-උත්තරකුරු, 3-පුබ්බවිදේහ, 4-අපරගෝයාන yana mahadwipa warthamaanaye monawaada?
Delete"ජම්බුදීප මහාද්වීපය" යනු ලෝකයේ මහාද්වීප 4න් ආසියා මහාද්වීපයයි. එය පසු කාලීනව රටවල් වලට බෙදී ගොස් බුදුවරු උපදින "මධ්‍ය දේශය" දැනට ඉන්දියාවට හා නේපාලයට අයත්ව ඇත. ඉන්දියාවේ එම ප්‍රදේශය අදටත් "මධ්‍ය ප්‍රදේශ්" නමින් හැඳින්වේ. නේපාලය නමින් බෙදුන කොටසේ බුදුන්වහන්සේ උපන් ස්ථානය වන ලුම්බිණිය පිහිටා ඇත. බුද්ධත්වය ලැබූ ගයා ප්‍රදේශය දැනටත් ගයා ලෙසම හඳුන්වයි. බුදුන්වහන්සේ පලමු ධර්ම දේශනය සිදුකල බරණැස හෙවත් බාරාණසිය දැන් "වාරානසි" යනුවෙන් හඳුන්වයි. පරිනිබ්බාණය සිදුකල කුසිනාරාව දැන් "කුෂී නගර්" ලෙස හඳුන්වයි.
ReplyDeleteධර්මය අනුව හා භෞතික පිහිටීමෙන් හිමාල කන්ද සහ එයින් ගලන මහා ගංගාවන්, කාන්තාර සහිත භෞතික ලක්ෂණ හා නම් වලින්ද පැහැදිලි පිරිසිදු බුද්ධවචනයේ අප්‍රමාණ ලෙස විස්තර වෙන "ජම්බුදීප මහාද්වීපයේ" තොරතුරු ප්‍රාථමික අධ්‍යාපනයට හා සාමාන්‍ය දැනුමට විෂය වේ.
මිත්‍යාදෘෂ්ටිකයන් ගිහි/ පැවිදි
අන්‍යාගමික මිෂනාරි පිරිසක් විසින් මෙසේ ජම්බුදීපය, බුද්ධචරිතය හා ධර්මය කෙලසන මිත්‍යාවන් පතුරවා ඇත. ඔවුන්ගේ අරමුණු වන්නේ...
1. ජම්බුදීපයට ආවේනික බුද්ධචරිතය ගැන සැක උපදවා බෞද්ධයන් බේද කිරීම.
2. බෞද්ධයන් දඹදිව වන්දනා කිරීමෙන් ලබන කුසලය නැති කිරීම.
3. බුදුදහම ගැන සාමාන්‍ය දැනුමක් නැති සිංහලයන් මුලා කර බුදුදහම ලෙස මිත්‍යා මත සමාජගත කර වසර 2500කට වඩා පවතින පිරිසිදු බුදුදහම ලංකාවෙන් අතුරුදහන් කිරීම.
අද ලෝකයට බුදුදහම දැනගැනීමට හැකිවී ඇත්තේ අතීත සිංහල බෞද්ධ සංඝයා මෙම පිරිසිදු බුද්ධවචනය ත්‍රිපිටකය ලෙස ලියා තබා සුරක්ෂිත කල නිසාය. එම නිසා ලෝකයේ බහුතර අන්‍යාගමික සංවිධාන ලංකාවේ පිරිසිදු බුදුදහම නැති කිරීමට ලංකාවේම සමහර ගිහි/පැවිදි පිරිස් කුලියට යොදවා ඇත. මෙම පිරිස විවිධ නම් වලින් හා නිර්නාමිකවද බොරු ප්‍රචාර කරමින් දහම නූගතුන්ව මුලා කරනු ලැබේ. ධර්මයයි ඔබයි, නිසලවිල පදනම, අරිය අසංකතය, නිරපේක්ෂත්වයේ මග. මීට අමතරව පිරිසිදු බුද්ධවචනය බරපතල ලෙස දූෂණය කර මිනිසුන් මුලා කරන්නන් ලෙස මහනුවර වජිරබුද්ධි, පිටිදූවේ සිරිධම්ම වැනි අය හඳුනාගෙන ඇත.
බුදුදහම හා බෞද්ධ ඉතිහාසය ගැන සාමාන්‍ය දැනුම නැති අන්‍යාගමික සිංහලයන් මෙසේ බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් නූගත් බෞද්ධයන් අතර මෙවැනි මිත්‍යාවන් ප්‍රචාරය කරති. මේවාට හවුල් වෙන ගිහි/පැවිදි අය මෙතෙක් පැවතුන පිරිසිදු බුදුසසුන නොපිලිගන්නා මිත්යාදෘෂ්ටිකයන්ය. එම නිසා ඔවුන් බුද්ධ ධම්ම සංඝ යන තිසරණ සමාදානයවත් නොලබන අතර බුදුදහම විකෘති කරන මහා පාපයට දායක වීමෙන් අපාගත වන බවත් සලකන්න...෴
මීවනපලානේ නැමති නිරයගාමී පාපතර කෙලතොලු නිගන්ටයා කලකන්නි සිවුරු හොරෙකි. ඔහුගේ හොර පැවිදි ලියාපදිංචිය දැන් අවලංගු කර ඇත. මෙම නිගන්ට ngo බැලයා පසුපස යන බොහෝ අයද අන්‍යගමික මිෂනාරි කුලීකරුවන් බව පෙනෙන අතර එම සියලු දෙනා බුදුදහම කෙලෙසන මහා පාපයට දයක වෙලා මරනින්පසුව අපාගත වනු ඇත.
ReplyDelete