Posts

සිංහල කට වහරින් ලියන එක හොඳ ද ? නරක ද?

ඇත්තට ම කතා කරන විදියට ලියන එකේ කිසි වරදක් නැහැ. කතා කරන විදියට ලියනවා කියන එකෙන් මා අදහස් කරන්නේ කතා කරන බසේ තියෙන ව්‍යාකරණ රටා ( sentence patterns) පමණක් ලේඛනයට යොදා-ගත යුතු යි කියන ඒක. එහෙම නැතුව කතා කරන බසේ තියෙන සියලු ම ලක්ෂණ ලේඛනයට ගන්න ගියොත් ඒක මහ අවුලක් වෙනවා. උදාහරණයක් විදියට කතා කරන බසේ සන්ධි වැඩි යි. කතා කරන කොට ඇති වෙන සියලු ම සන්ධි ඒ විදියට ම ලියන්න ගියොත් සමහර විට වාක්‍ය පිටින් ම සන්ධි වෙන්න පුළුවන්. ඒ නිසා කතා කරන බසේ තියෙන උච්චාරණ ලක්ෂණ ( articulatory features) අනුව ලේඛනයේ වචන ලියන්න යමකු උත්සාහ කරනවා නම් ඔහු මුලින් ම න-ණ , ල-ළ භේදය , ෂ - ශ භේදය හා අල්පප්‍රාණ-මහාප්‍රාණ භේදය ආදිය අත්හරින්න ඕනෑ. මොකද ස්වාභාවික භාෂණයේ උච්චාරණය වන්නේ එක න ' යන්නකුත් , එක ශ ' යන්නකුත් , අල්පප්‍රාණ අකුරුත් විතරක් නිසා. මේක උච්චාරණ විෂයක ශබ්ද විද්‍යාවේ ( articulatory phonetics ) පර්යේෂණවලින් සනාථ කළ සත්‍යයක්. හැබැයි උත්ප්‍රාසය කියන්නේ කතා කරන සිංහලය ම ලියන්නත් සම්මත කරගන්න ඕනෑ කියන කෙනකු වන අජිත් තිලකසේන මහත්තයා සිංහල මිනිස්සුන් ගෙ කටින් මහාප්‍රාණ අකුරු නො කියැවෙන බව දන්නෙ නැති එක...

ලංකා ජාතික සංගම් වේදිකාවේ ජයන්ත වීරසේකර දේශපාලන භූමිකාව

Image
 ‘දේශපාලකයා’ සහ ‘දේශපාලනඥයා’ යනු වත්මන් වහරේ වැඩි අරුත් වෙනසෙකින් තොර වැ යෙදෙන පද දෙකෙකි. මේ පද යුගලය වෛකල්පික වැ යෙදීමේ වහර බෝ කළාහු පසු ගිය දසක කිහිපයේ පුවත්පත් කලාවේදීහු ය. ‘දේශපාලකයා’ මෙන් මැ ‘දේශපාලනඥයා’ යනු ද සංස්කෘතයේ ‘ √ දේශ’ යන නාම ප්‍රකෘතිය හා ‘ √ පාල්’ යන ධාතු ප්‍රකෘතිය මුල් කොට සෑදුණු සමාස පද යි. පොදු උපතක් ඇත්තේ වුව ද ‘පාලක’ සහ ‘පාලනඥ’ යන පද සියුම් ලෙස විමසන්නකුට පෙනී-යනුයේ එකිනෙකින් මහත් සේ වෙනස් අරුත් දෙකෙකි. ‘පාලක’ යනු ‘පාලනය කරන්නහු’ ය; ‘පාලනඥ’ යනු ‘පාලනය දත්තහු’ ය (කුමාරණතුංග, 1936: 04). මේ අනුවැ හැම දේශපාලනඥයකු මැ දේශපාලකයකු නො වන බවත් හැම දේශපාලකයකු මැ දේශපාලනඥයකු නො වන බවත් අමුතුයෙන් පැහැදිය යුතු නො වේ. දේශපාලකයන් හා දේශපාලනඥයන් අතර මේ වෙනස අපට වැදැගත් වනුයේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයකු වූ නමුත් කිසි දා මැතිසබයේ අසුනක් හෙබැවූ දේශපාලකයකු නො වූ ජයන්ත වීරසේකරයන් ගේ ජාතික දේශපාලන සේවාව මඳ විසින් මුත් විමර්ශනය කිරීම සඳහා ය.            1895ක් වූ ජනවාරි 14 වැනි දා උපන් ජුලියස් ආර්. වීරසේකරයන් 1946ක් වූ ජුනි 18 වැනි දා ජයන්ත වීරසේකරයන...