සිංහල කට වහරින් ලියන එක හොඳ ද ? නරක ද?
ඇත්තට ම කතා කරන විදියට ලියන එකේ කිසි වරදක් නැහැ. කතා කරන විදියට ලියනවා කියන එකෙන් මා අදහස් කරන්නේ කතා කරන බසේ තියෙන ව්‍යාකරණ රටා ( sentence patterns) පමණක් ලේඛනයට යොදා-ගත යුතු යි කියන ඒක. එහෙම නැතුව කතා කරන බසේ තියෙන සියලු ම ලක්ෂණ ලේඛනයට ගන්න ගියොත් ඒක මහ අවුලක් වෙනවා. උදාහරණයක් විදියට කතා කරන බසේ සන්ධි වැඩි යි. කතා කරන කොට ඇති වෙන සියලු ම සන්ධි ඒ විදියට ම ලියන්න ගියොත් සමහර විට වාක්‍ය පිටින් ම සන්ධි වෙන්න පුළුවන්. ඒ නිසා කතා කරන බසේ තියෙන උච්චාරණ ලක්ෂණ ( articulatory features) අනුව ලේඛනයේ වචන ලියන්න යමකු උත්සාහ කරනවා නම් ඔහු මුලින් ම න-ණ , ල-ළ භේදය , ෂ - ශ භේදය හා අල්පප්‍රාණ-මහාප්‍රාණ භේදය ආදිය අත්හරින්න ඕනෑ. මොකද ස්වාභාවික භාෂණයේ උච්චාරණය වන්නේ එක න ' යන්නකුත් , එක ශ ' යන්නකුත් , අල්පප්‍රාණ අකුරුත් විතරක් නිසා. මේක උච්චාරණ විෂයක ශබ්ද විද්‍යාවේ ( articulatory phonetics ) පර්යේෂණවලින් සනාථ කළ සත්‍යයක්. හැබැයි උත්ප්‍රාසය කියන්නේ කතා කරන සිංහලය ම ලියන්නත් සම්මත කරගන්න ඕනෑ කියන කෙනකු වන අජිත් තිලකසේන මහත්තයා සිංහල මිනිස්සුන් ගෙ කටින් මහාප්‍රාණ අකුරු නො කියැවෙන බව දන්නෙ නැති එක...