රඹුටන් යනු ඉතා රසවත් පලතුරෙකි. එ හෙත් එය ඉතා උෂ්ණාධික ආහාරයක් බැවින් ඇතැම් අසනීප ඇති අයට රඹුටන් කෑම හොඳ නැත. ලක් දිව රඹුටන් වගාවට චිර ප්‍රසිද්ධ ප්‍රදේශය මල්වානේ ය. එ හෙත් සිංහල භාෂාවට 'රඹුටන්' යන වදන ආවේ මල්වානෙන් නො ව මැලේසියාවෙනි.
මැලේ බසින් 'රම්බූට්' (rambut) යනු 'හිස කෙස්' යන අරුත දෙයි. ඉන් නිපන් 'රම්බූටන්' (rambutan) යනු 'කෙස් ගුළිය' වැනි අරුතක් දෙන වදනෙකි. එ වැනි නාමයක් ඒ පලතුරට සුදුසු ඇයි දැ යි වෙසෙසා කිය යුතු නො වේ. 'රම්බූටන්' යන වදන සිංහලයට පැමිණීමේ දී 'ම්බූ' ශබ්ද සංයෝගය 'ඹු' යනුයෙන් සංකෝචනය වී තිබේ.
මැලේ බසින් 'වූල් පොරෝනය' (woolen blanket) සඳහා යෙදෙන 'රම්බූටි' (rambuti) යන වදන ද 'රඹුටන්' හා නෛරුක්තික ඥාතිත්වයක් ඇත්තෙකි. අප මේ තතු උපුටාගත්තේ 1959 වසරේ දී ආර්. ජේ. විල්කින්සන් වියතුන් රැසැයූ 'මැලේ - ඉංගිරිසි සද කොසුවේ' 941, 942 පිටුවලිනි.
පසු සටහන:
චාමික රත්නායක සූරීහු මේ නිරුක්තිය ගැන මෙ බඳු අදහසක් දක්වති:
"මැලේ මිතුරකු පැවැසූ අන්දමට rambutan යන්න සෑදී ඇත්තේ rambut + utan යන පද දෙකෙහි සංයෝජනයෙනි. utan යන්න වනය යන අරුත් දෙත් ල. එ නයින් rambut-utan යන්න 'කැලයේ ඇති කෙස්' යනු වැනි අරුතක් දරයි. එ ලෙසින් ම 'orangutan' යන්න 'කැලයේ වසන මිනිසා' (මිනිසා = orang) යන අරුත් දරත් ල."
Thursday, April 26, 2018
Wednesday, April 4, 2018
වියරණ පැනයට පිළිතුර - 6: Thera, Theri සහ Thero
භික්ෂූන් වහන්සේ ගේ නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී නම අගට 'Thero' යන්නක් යෙදීම කලෙක සිට ම පන්නයක් වී තිබේ. නම මුලට 'Rev' හෝ 'Ven' හෝ යොදා නම අගට 'Thero' යොදති. මේ 'Thero' යනු කවරෙක් ද?
සංස්කෘතයෙහි 'ස්ථවිර' යනුවෙන් ඇති පුරුෂ ලිංග ප්‍රකෘතිය පාලියට 'ථේර' යනුවෙන් ද හෙළයට 'තෙර' යනුවෙන් ද පරිණාමය වේ. 'ථේර' යන පාලි ප්‍රකෘතිය පඨමා විභත්ති ඒක වචනයෙහි වරනැඟුණු කල 'ථේරෝ' යනුවෙන් සිටී. ඒ පාලි වරනැඟිල්ලෙකි. ඉංගිරිසියෙහි එබන්දක් තිබිය නොහැකි ය.
වාක්කෝශීය ඍණීකරණයේ දී එක් බසෙකින් තවත් බසකට ගන්නේ ප්‍රකෘති ය. වරනැඟුණු නාම හෝ ක්‍රියා හෝ කිසි කලෙක ඍණීකරණය නො කැරේ. ඒ නිසා පාලි 'ථේර' යන්න මිස 'ථේරෝ' යන්නක් ඉංගිරිසියට ගත නොහැකි ය. එසේ ගතහොත් එහි අනෙක් විභක්ති රූප ද ගන්නට සිදු වේ.
මේ අනුව භික්ෂූන් වහන්සේ කෙනකු ගේ නමක් ලියන විට යෙදිය යුත්තේ 'Thera' (ථේර) යන්න යි; භික්ෂුණීන් වහන්සේ කෙනකු ගේ නමක් ලියන විට යෙදිය යුත්තේ 'Theri' (ථේරී) යන්න යි. පසු ගිය දාක භික්ෂුණීන් වහන්සේ නමක ගේ ද නම අග 'Thero' (ථේරෝ) යන්නක් දක්නට ලැබිණි.
මේ 'Thero' (ථේරෝ) යන අපරාභිධානය එක දු පිළිගත් ඉංගිරිසි ශබ්දකෝශයෙක දක්නට නො ලැබේ. 'අයියෝ' (aiyo) යන භාවසූචක නිපාතය පවා වැද්දගත් ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, මේරියම් වෙබ්ස්ටර්, කොලින්ස් ඈ ශබ්දකෝශ කිසිවෙක ඔය 'Thero' (ථේරෝ) යන්න නැත.
ශාසනික සම්ප්‍රදායයට අනුව ථේර, ථේරී යන අභිධානයන් ගෙන් හඳුන්වන්නේ උපසම්පදාවෙන් දස වසරක් ඉක්මැවූ භික්ෂු භික්ෂුණී දෙපිරිස ය. දැන් දැන් අවශේෂයනට ද 'Thero' (ථේරෝ) යන්න යෙදෙනු පෙනේ. ඒවා මහා සංඝයා ම විසඳාගත යුතු ශාසනික ප්‍රශ්න ය.
මෙහි ලා අවධාරණය කරන්නට අවශ්‍ය වූයේ භාෂාත්මක කාරණය පමණි. භික්ෂූන් වහන්සේ නමක ගේ නමට 'Thera' (ථේර) යන්නත්, භික්ෂුණීන් වහන්සේ නමක ගේ නමට 'Theri' (ථේරී) යන්නත් පාලි තත්සම වශයෙන් ගෙන යෙදීම මැනැවි. 'Thero' (ථේරෝ) යන්න සාවද්‍ය ඍණීකරණයෙකි.
පසු සටහන:
1. මේ පිළිබඳ අදහස් දැක්වූ ආචාර්ය ජී. උස්වත්තේආරච්චි පවසන්නේ බෞද්ධ භික්ෂූන් ගේ නම්වලට අපරාභිධාන කොට යෙදිය යුත්තේ මේ එකක් වත් නොවන බව යි. සූත්‍ර ධර්මයෙහි සඳහන් වන පරිදි භික්ෂූන් ඇමැතීම සඳහා බුදු රදුන් හැම විට ම යොදාගෙන ඇත්තේ 'භික්ඛවේ' (භික්ෂූනි) යන්න යි. එ බැවින් භික්ෂූන් වහන්සේ ගේ නම් අගට 'භික්ඛු' යන්නත් භික්ෂුණීන් වහන්සේ ගේ නම් අගට 'භික්ඛුණී' යන්නත් යෙදිය යුතු බව ඔවුන් ගේ අදහස යි.
2. මේ හා සම්බන්ධ තවත් කරුණක් අප ගේ අවධානයට ලක් කෙරෙමින් ආචාර්ය හේමා ගුණතිලක වරක් කීවේ ඉංගිරිසියේ 'Reverend' යන පදය කෘන්තනය කොට සාධිත 'Rev.' යන්න අන්‍යාගමික පූජකයන් ගේ නම්වලට පූර්වයෙන් යෙදෙන බැවින් ඔවුන් ගෙන් අන්‍ය කොට බෞද්ධ භික්ෂූන් හඳුනාගැනීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ නම්වලට පූර්වයෙන් 'Venerable' යන පදය කෘන්තනය කොට සාධිත 'Ven.' යන්න පමණක් යෙදුව මනා බව යි.

Subscribe to:
Posts (Atom)