ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ශීඝ්‍ර
පරිහානියකට පත් වෙමින් තිබේ.1 ජගත් ශ්‍රේණිගත කිරීම්වලට (World Ranking) අනුව මේ වන විට සිරි ලක විශ්වවිද්‍යාලයයන් පවතින්නේ
අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යවල විශ්වවිද්‍යාලයවලට ද වඩා පහත් අඩියක ය. උගණ්ඩාව, ඉතියෝපියාව, සිම්බාබ්වේ වැනි රටවල ප්‍රධාන
විශ්වවිද්‍යාලය සියල්ල මෙරට සරසවිවලට වඩා ඉහළ තත්ත්වයකට හිමිකම් කියයි. වර්තමානයේ
මෙරට විශ්වවිද්‍යාලයයන් ප්‍රකට වී තිබෙන්නේ ආධ්‍යාපනික ගුණාත්මක භාවය ගැන නො ව ප්‍රචණ්ඩත්වය,
අන්තවාදී ශිෂ්‍ය දේශපාලනය, වර්ජන, අවඵලදායීතාව (low
productivity) සහ සදාචාර පරිහානිය ගැන යි.
මෙබඳු
ඛේද ජනක තත්ත්වයකට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයයන් ඇද-දැමූ සාධක කවරේ ද යන්න ශ්‍රී
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩා පෙන්වා-දෙයි. ඔහු දක්වන
පරිදි ලාංකේය විශ්වවිද්‍යාලයවල මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ගෙන්
සියයට අනූවක් දෙනා නිසි සුදුසුකම් හා ඇසූ-පිරූ තැන් ඇති අය නො වෙති. ඔවුන් අතරින්
බොහෝ දෙනා සේවය කරන්නේ තමන් උපාධිය ලැබූ විශ්වවිද්‍යාලයයේ ම බැවින් විදෙස් අධ්‍යාපනයක්
හෝ පරිචයක් ඔවුන් ලබා නැත. ශාස්ත්‍රීය පක්ෂයෙන් ගත් කල ඔවුන් ගේ දැනුම සහ
අද්දැකීම් බෙහෙවින් බාල ය. ඔවුන් සතු දැනුම බොහෝ විට සිමාකාරී වන අතර යල්පැන තිබේ.
විසි එක් වැනි සියවසේ ආධ්‍යාපනික අභියෝගවලට සාර්ථක ව මුහුණ දීම සඳහා සිසුන් හුරු
කිරීමට මේ සරසවි ඇදුරනට හැකියාවක් නැත.
පසු
ගිය දසක තුනක කාලය ඇතුළත අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණයක් කිරීමට හෝ කාලීන විද්‍යාත්මක
අධ්‍යයනයක් කිරීමට හෝ ජගත් ශාස්ත්‍රඥ ප්‍රජාවේ අවධානයට පත් කෘතියක් සම්පාදනය
කිරීමට හෝ සිරි ලක සරසවිවලට හැකි වී නැත. මේ සියලු නොහැකියාවන් පිළිබිඹු කරන්නේ
අපේ සරසවිවල පුස් බව යි. මේ පුස් බව වසා-ලන්නට පසු ගිය දා මහාචාර්ය නලින් ද සිල්වා
විසින් සම්මත පර්යේෂණ ක්‍රමවේද නො සලකා-හරිමින් කැලණිය විශ්වවිද්‍යාලයයේ දී සිදු කරන
ලද ආසනික් පර්යේෂණය විද්වත් ලෝකයේ මහත් විසුළුවක් බවට පත් විය.
නවක වධය
හා ප්‍රචණ්ඩත්වය
ඉතා
අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය හා අවියෝජනීය සාධකයක්
බවට නවකවධය හා ප්‍රචණ්ඩත්වය පත් ව තිබේ. නවක සිසුනට එල්ල කැරෙන හිංසනය, අපයෝජනය
මෙන් ම නින්දා අපහාස කිරීම ද නවකවධයට අයත් වේ. මේ වූ කලී අධික ලෙස මානව හිමිකම් උල්ලංඝනය
කිරීමකි. අප ගේ උපකල්පනයට අනුව මෙරට විශ්වවිද්‍යාලයවල අධ්‍යාපනය ලැබූ සිසුන් ගෙන් සියයට
සියයක් ම සරසවියේ පළමු වසරේ දී කායික හෝ වාචික හිංසනයට (physical or verbal abuse) මුහුණ දී ඇත්තාහු ය. මේ වන තුරු කිසිවකුට මේ ප්‍රකාශය
අසත්‍යයකැ යි ඔප්පු කිරීමට හැකි වී නැත. එසේ කළ හැකි යමෙක් වෙත් නම් ඉදිරිපත් වන
ලෙස අපි අභියෝග කරමු.
දසක
ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයවල අමානුෂික ලෙස නවකවධය
පැතිරෙමින්
පවතී. මේ කාලය පුරා කිසි ම අවස්ථාවක නවකවධය තුරන් කිරීම සඳහා ආචාර්යවරුනට
වුවමනාවක් නො තුබුණු අතර ඊට එරෙහි ව ඔවුන්
කිසි ම ක්‍රියාමාර්ගයක් ගත්තේ ද
නැත. මෙසේ වීමට හේතුව සරල ය. යම් අවධියක දී නවකවධයට ගොදුරු වූ මොවුන් ගෙන්
වැඩි දෙනෙක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් බවට පත් වූ පසු නවක ශිෂ්‍යයන් වධයට ලක්
කළ අය
යි. ඒ නිසා නවකවධයට විරුද්ධ වීම ඔවුන් ගේ ඊනියා සදාචාරයට විරුද්ධ ය. අනෙක්
කරුණ
නම් විප්ලවකාරී දේශපාලන කණ්ඩායම් විසින් නව සිසුන් පාලනය කිරීම සඳහා අවියක්
ලෙස
නවකවධය යොදා-ගනු ලැබීම යි.
ලිංගික
හිංසනය සහ අමානුෂික කායික වධ කිරීම වූ කලී ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයවල පවත්නා
නිදන්ගත රෝගයකි. මේ පිළිබඳ ව මහත් අපකීර්තියක් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයට
යි. ලිංගික හිංසනය පිළිබඳ අතිශය අපකීර්තිමත් සහ ශෝචනීයතම සිද්ධිය වාර්තා වන්නේ
1975 වසරෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිවිද්‍යා පිඨයේ ශිෂ්‍යාවක වූ විසි දෙ
හැවිරිදි රූපා රත්නසීලි ගේ යෝනි මාර්ගයට පෑනක් ඇතුළු කිරීමට පරපීඩාකාරී ජ්‍යෙෂ්ඨ
ශිෂ්‍යයන් උත්සාහ කළ අවස්ථාවේ දී, ඕතොමෝ නේවාසිකාගාරයේ රාමනාදන් ශාලාවේ (Ramanathan Hall)දෙ වැනි මහලින් බිමට පැන්නා ය. ඇය ගේ සුෂුම්නාවට
බරපතළ තුවාල සිදු වූ අතර වසර ගණනාවක් පුරා ඇය ගේ ජීවිතය රෝදපුටුවකට කොටු වී
පැවැතිණි. ජීවන අපේක්ෂා සුනු-විසුනු වූ ඕතොමෝ 1997 දී සිය දිවි නසා-ගත්තා ය. සත්‍ය
සිද්ධිය වසන් කෙරෙමින් බොරු කතාවක් ගොතා පෑ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බලධරයෝ
සාක්ෂ්‍ය සැඟැවූ හ. ඇගේ අභාවයෙන් පසු ඉතා පහසුවෙන් සිද්ධිය යටපත් කැරිණි. එදා රූපා
රත්නසීලි ලිංගික හිංසනයට ලක් කළ ඇත්තෝ අද විශ්වවිද්‍යාලයීය බලධරයෝ ය; ඇතැමෙක්
මහාචාර්යවරු ය.
2011
වසරේ දී නවක සිසුවකුට ලිංගික අඩන්තේට්ටම් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කලා පිඨයේ
සිසුන් තිදෙනකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන, මහනුවර අතිරේක දිසා විනිසුරු
රවින්ද්‍ර ප්‍රේමරත්න හමුවට පමුණුවන ලදී. තවත් අවස්ථාවක දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ
කලා පිඨයේ ශිෂ්‍යාවන් තිදෙනෙක් වැසිකිළියක දී නවක සිසුවියන් පිරිසක් වධයට පාත්‍ර
කිරීමේ චෝදනාවට ලක් වූ හ. වැසිකිළියේ දී නිරුවත් කරන ලද නවක සිසුවියන් පිරිසට
අශෝභන ලිංගික ක්‍රියා සිදු කරන ලෙස ඔවුන් බල කොට ඇත. මේ ශිෂ්‍යාවන් තිදෙනාට
තෙසතියක දේශන තහනමක් පැනැවීමට විශ්වවිද්‍යාලයීය බලධරයන් කටයුතු කැරැ තිබේ.
නිල
නො වන අභ්‍යන්තර ආරඤ්චි මාර්ගයකට අනුව, මෙකී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් තිදෙනා විසින්
ගම්පහ දිසාවෙන් පැමිණි නවක ශිෂ්‍යාවක ලිංගික හිංසනයට ලක් කරනු ලැබ තිබේ. වැඩි
දුරටත් සඳහන් වූ පරිදි, හිංසනයට ලක් වූ ශිෂ්‍යාව ඒ ගැන විශ්වවිද්‍යාලයීය බලධරයනට
පැමිණිලි කිරීමට බිය වී ඇත්තේ, ශිෂ්‍යාවන් ගේ නවකවධ සිදුවීම් පිළිබඳ ව විශ්වවිද්‍යාලයීය
බලධරයන් ඉතා උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැවිනි. එබැවින් උක්ත ජ්‍යෙෂ්ඨ
සිසුවියන් තිදෙනාට වෙනත් චෝදනාවක් එල්ල වූයේ නැත. බරපතළ ලිංගික අපරාධයක් කරන ලද
මුත් තෙසතියක තහනම් කාලයකින් පසු යළිත් දේශනවලට සහභාගී වීමට මේ සිසුවියන් තිදෙනාට
අවස්ථාව ලැබිණි. මේ වන තුරුත් ඔවුනට එරෙහි ව නිසි ආකාරයේ නීතික ක්‍රියාමාර්ගයක් නො
ගත් විශ්වවිද්‍යාලයීය බලධරයන් උත්සාහ ගත්තේ සිද්ධිය යටපත් කිරීමට යි.
මේ
හා සමාන සිදු වීම් රැසක් රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය යන විශ්වවිද්‍යාලයවලින්
ද වාර්තා වී ඇති අතර ඒ හැම අවස්ථාවක දී ම බලධරයන් පේරාදෙණි පිළිවෙත ම අනුගමනය කොට
ඇත.
1993
දී රුහුණ විශ්වවිද්‍යාලයයේ චමින්ද පුංචිහේවා නැමැති ශිෂ්‍යයා ද අමානුෂික නවක වධයේ
ප්‍රතිපලයක් ලෙස මිය-ගියේ ය. ඔහුට ක්‍රෑර ලෙස පහර දී වෙහෙසකර ශාරීරික ක්‍රියාකාරකම්
කරන ලෙස ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් බල කැරැ තිබේ. 1997 දී රුහුණ විශ්වවිද්‍යාලයයේ පළමු
වසර ශිෂ්‍යාවක් ද නවක වධය දරා-ගත නොහැකි වූ තැන සිය දිවි නසා-ගත්තා ය. ඇය ද ඉවැසිය
නොහැකි ආකාරයේ ලිංගික හිංසනයට ලක් ව තිබේ. 2011 වසරේ දී රුහුණ විශ්වවිද්‍යාලයයේ වත්සලා
කුමුදුනී ද සිල්වා නම් ශිෂ්‍යාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පිරිසක් විසින් කායික ව හිංසනයට
ලක් කිරීම හේතුවෙන් සදා කාලික ව එක් පාදයක ආබාධයකට ලක් වූ බව උපකුලපති, මහාචාර්ය
සුසිරිත් මෙණ්ඩිස් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී.
සම්මාන
ලාභී රංගන ශිල්පිනියක, නාට්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක ද වන අනෝමා ජිනාදරී ගේ
ස්වයංලිඛිත චාරිතාපදානය වන “පුනරුක්ති” කෘතියෙහි ඇය සඳහන් කරන්නේ අමානුෂික හා අධම
ආකාරයේ නවකවධයක් කොළඹ විශ්වවිද්‍යාලයයේ ද පැවැති බව යි. ඇය හා සම වයසේ පසු වූ ශිෂ්‍යාවන්
බොහෝ දෙනකු කොළඹ සරසවියේ දී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් ලිංගික හිංසනයට පත් කැරුණු
බව ඕ වැඩි දුරටත් සඳහන් කරයි. කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ප්‍රථම උපාධිය ලබා, මේ වන
විට මිචිගන් විශ්වවිද්‍යාලයයේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටින ශිෂ්‍යයකු
ද සඳහන් කෙළේ, 2011 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින්
නවකයන් වෙත මිනිස් මලමුත්‍ර සහිත වතුර බාල්දි ප්‍රහාර එල්ල කරන ලද බව යි. ඒ වනාහී
ශ්‍රී ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයවල සිදු කැරුණු අමානුෂික හා අධම ක්‍රියාවක් බව
ද හේ පෙන්නා-දුන්නේ ය.
තවත්
සම්මාන ලාභී ටෙලිනාට්‍ය නිළියක වන යශෝදා විමලධර්ම හෙළි කෙළේ, කැලණිය විශ්වවිද්‍යාලයයේ
ඉගැනුම ලැබූ සමයයෙහි ඇයට ද සාහසික නවකවධයකට මුහුණ පෑමට සිදු වූ බව යි. ඒ සරසවියෙහි
ම කථිකාචාර්යවරයකු ලෙස සේවාව කළ ඇය ගේ පියාණන්, රවිලාල් විමලධර්ම ද මේ හේතුවෙන්
භාව ප්‍රකම්පණයකට (Emotional
Shock) පත් වඇත. තම දියණියන් හට සිදු කැරුණු අකාරුණික
වධ කිරීම් දරා-ගත නොහැකි ව සිය පියාණන් හෘදයාබාධයකින් පෙළුණු බව ද යශෝදා විමලධර්ම
පවසයි.2
ශිෂ්‍ය සංගම් ව්‍යාපාර
අන්තවාදී
පිරිස්වල බළල් අත් බවට පත් වූ ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් ද ශ්‍රී ලාංකේය විශ්වවිවිද්‍යාලයවල
සිටිති. අලුත් ශිෂ්‍ය කණ්ඩායමක් සරසවියට පැමිණි විට නවකවධයට යටත් වන ලෙස මේ ජ්‍යෙෂ්ඨ
ශිෂ්‍යයෝ ඔවුනට තර්ජනය කරති. කථිකාචාර්යවරුන් සමඟ කතාබහ කිරීමට, ඉංගිරිසි
පාඨමාලාවට සහභාගී වීමට මෙන් ම ඇතැම් විට පුස්තකාලයය පරිහරණය කිරීමට පවා මේ
අන්තවාදී ශිෂ්‍ය සංගම් විසින් නවකයනට ඉඩ නො දෙනු ලැබේ. නවක සිසුනට රිසි සේ අඳින්නට
පලඳින්නට අවකාශ නො ලැබෙන අතර ජ්‍යෙෂ්ඨයන් නියම කරන හැටියකට අඳින්නට පලඳින්නට සිදු
වේ. ඇතැම් විශ්වවිද්‍යාලයවල නවක සිසුනට ස්නානය කිරීමට, ඇඟපත සෝදා-ගැනීමට තබා,
වැසිකිළියට යෑමෙන් පසු පිරිසුදු වීමට වත් සති ගණන් ගත වන තුරු ඉඩක් නො ලැබෙන බව
වාර්තා වේ. කොළඹ විශ්වවිද්‍යාලයයේ සහ ඇතැම් විට කැලණිය විශ්වවිද්‍යාලයයේ ද මේ
තත්ත්වය උග්‍ර ලෙස පවතී.
ශ්‍රී
ලාංකේය විශ්වවිද්‍යාලයවල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් කායික හා ලිංගික හිංසනය උපයුක්ත
කැරැ-ගන්නේ නවක ශිෂ්‍යයන් මැඬ-පැවැත්වීමට යි. ඔවුන් ගේ නීච ක්‍රියා අතර
බලහත්කාරයෙන් නවකයන් නිරිවත් කිරීම, ස්වයං මෝචනය කැරැවීම, මුඛ සංසර්ගයේ හෝ
අධෝමාර්ග සංසර්ගයේ යෙදැවීම, ඇඟට මුත්‍ර කිරීම, ගුද මාර්ගයට හෝ යෝනි මාර්ගයට පෑන්,
පැන්සල්, ඉටිපන්දම් ආදිය ඇතුළත් කිරීම, ලිංගේන්ද්‍රියයන්හි දන්තාලේප හෝ මාමයිට්
ආලේප කිරීම, යට ඇඳුම් රහිත ව ඇඳුම් ඇඳීමට බල කිරීම, මිනිස් හා සත්ත්ව මලමුත්‍ර
සහිත වතුර බාල්දි ප්‍රහාර එල්ල කිරීම (මෙයට ඊනියා සරසවි බසින් “බකට් කිරීම” යි
කියනු ලැබේ.), තිත්ත කුණුහරුප කියමින් දිවුරන්නට බල කිරීම, අසභ්‍ය හා අශ්ලීල ප්‍රශ්න
සිය ගණනක් නඟා නවකයන් අපහසුතාවට පත් කිරීම, කණ්ඩායමක් ඉදිරිපිට කුණුහරුප සින්දු හා
වල් කවි කීමට බල කිරීම ආදිය ඉතා සුලබ ය. දූෂණය කිරීම් සහ පුරුෂ මෛථුනය (Rape & Sodomy) පිළිබඳ ව සිරි ලක සරසවිවලින් සුලබ ව අසන්නට නො
ලැබුණු නමුත් දැන්-දැන් එවැනි සිදුවීම් ද වාර්තා වෙමින් පවතී.
ශිෂ්‍ය
දේශපාලන කණ්ඩායම් විසින් මෙලෙස නවකවධය උපයුක්ත කොට-ගනු ලබන්නේ නවක ශිෂ්‍යයන් පාලනය
කැරැ-ගැනීම හා යටහත් කැරැ-ගැනීම සඳහා අවියක් වශයෙනි. මේ වූ කලී ශ්‍රී ලාංකේය
විශ්වවිද්‍යාලයයන් තුළ අධික ලෙස මානව හිමිකම් උල්ලංඝනය වීමකි. එහෙත් ආචාර්යවරුන්
ඇතුළු විශ්වවිද්‍යාලයීය බලධරයෝ මේ සියල්ල හමුවේ මුනිවත රකිති. ඔවුන් විසින් මෙබඳු
බරපතළ කායික හා ලිංගික වධහිංසා කිරීම් පිළිබඳ තොරතුරු වසන් කරනු ලබන බැවින්, මෙකී
උසස් අධ්‍යාපන ආයතනයන්හි සිදු වන ඛේදනීය සිදුවීම් පොදු ජනයා වෙත අනාවරණය වන්නේ
නැති තරම් ය.
විශ්වවිද්‍යාලයීය
ආචාර්යවරුන් ගෙන් බහුතරයකට අභ්‍යන්තර දේශපාලනයෙහි නියැලීමට හෝ අන්තවාදී ශිෂ්‍ය
දේශපාලන කණ්ඩායම් සමඟ ගැටුම් ඇති කැරැ-ගැනීමට හෝ අවශ්‍යතාවක් නැත. ඇතැම් විට තමන්
ගේ ඇස් ඉදිරිපිට ම අමානුෂික වධහිංසා කිරීම් සිදු වන විට පවා ඔවුහු ඒවා වැළැක්වීමට
කිසිවක් නො කරති. බොහෝ ආචාර්යවරු තමන් කිසිවක් නුදුටු විලාසයෙන් කර බා-ගෙන යන්නට
යති. නවකවධයට ප්‍රසිද්ධියේ විරෝධතාව පෑ මහාචාර්යවරුනට හා කථිකාචාර්යවරුනට නොයෙක්
ආකාරයේ හිංසා කිරීම්වලට මුහුණ දීමට සිදු වූ අතර, ඇතැමකුට ජීවිතාරක්ෂාව පිණිස
විශ්වවිද්‍යාලයය හැරැ-යෑමට ද සිදු ව තිබේ.
ශ්‍රී ලාංකේය වෛද්‍ය පීඨවල පරිහානිය
ශ්‍රී
ලාංකේය වෛද්‍ය විද්‍යාලයවලින් ද අන්තර්ජාතික කීර්තියට පත් බහුශ්‍රැත වෛද්‍යවරුන්
බිහි වූ සමයයක් තිබිණි. එහෙත් පසුගිය දසක කිහිපය තුළ මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත
ලෙස වෙනස් වී තිබේ. ඇමෙරිකානු විශ්වවිද්‍යාලයයක සහාය මහාචාර්යවරයකු ලෙස සේවාව කරන
කීර්තිමත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු පෙන්වා-දෙන පරිදි, ශ්‍රී ලාංකේය වෛද්‍ය පීඨවල
ප්‍රමිතිය ද බෙහෙවින් අවගමනය වී තිබේ. පසු ගිය දසක කිහිපය තුළ උපාධි ලැබූ ශ්‍රී
ලාංකේය වෛද්‍යවරුන් ගෙන් බහුතරයකට ඇත්තේ ඉතා දුර්වල ඉංගිරිසි දැනුමකි. එබැවින්
වෘත්තියට ඔබින ආකාරයෙන් සාර්ථක සන්නිවේදනයක යෙදීමට ඔවුහු අසමත් ය. වර්තමාන ශ්‍රී
ලාංකේය වෛද්‍යවරුන් ආකල්පනික පුහුණුව (Attitudinal Training), වෘත්තීය ආචාරධර්ම හා රෝගීන් පිළිබඳ වගකීම්-සහගත
භාවය යන හැම අතින් ම දුර්වල අඩියක සිටින බව ඔහු වැඩි දුරටත් පෙන්වා-දුන්නේ ය. ජගත්
ශ්‍රේණිගත කිරීම් දක්වන පරිදි නයිජීරියාව, නේපාලය, ඉන්දියාව, ටැන්සානියාව ආදී තුන්
වැනි ලෝකයේ රටවල් රාශියක වෛද්‍ය විද්‍යාලයවලට වඩා සිරි ලක වෛද්‍ය පීඨ දුර්වල ය.
සිරි ලක සරසවි ඇත්තෙන් ම මියැදී හමාර යි!
මෙසේ
කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු පවසන පරිදි ඉහළ
සුදුසුකම් ලත් මහාචාර්යවරු වැඩි පඩි පතා විදේශීය විශ්වවිද්‍යාලයවල සේවයට යති.
දේශීය විශ්වවිද්‍යාලයවලට කොටු වන්නේ වියපත් අකාර්යක්ෂම ආචාර්යවරුන් පමණි. මෙකී ශ්‍රී
ලාංකේය ආචාර්යවරුන් ගෙන් බහුතරයකට දේශීය විශ්වවිද්‍යාලයවල ප්‍රමිතිය නංවා-ලීමට හෝ
අමානුෂික නවකවධය දුරු කිරීමට හෝ අවශ්‍යතාවක් නැත. ඔවුහු කිසි දාක තමන් ගේ දරුවන්
ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයවලට නො යවති. ඔවුන් ගේ දරුවන් යන්නේ එක්සත් රාජධානිය,
එක්සත් ජනපදය, කැනැඩාව, ඔස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල විශ්වවිද්‍යාලයවලට ය.
මෙබඳු වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙන් මෙරට සරසවිවල දැවැන්ත ශාස්ත්‍ර ශූන්‍යතාවක්
ඇති වී තිබේ.
සැබෑ ශිෂ්‍ය වීරයෝ
මෙසේ
විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සහ බලධරයන් තමන් ගේ වගකීම් පැහැර-හරිද්දී ශිෂ්‍යවීරයෝ
කිහිප දෙනෙක් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයවල නවකවධයට හා හිංසනයට එරෙහි ව නිර්භය
ලෙස පෙරමුණ ගත්හ. ඕවිටිගල විතානගේ සමන්ත යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ තෙ
වැනි වසරෙහි පරිපාලනවේදී උපාධිය හදාළ ශිෂ්‍යයෙකි. අතිදක්ෂ ශිෂ්‍යයකු වූ ඔහු
විශ්වවිද්‍යාලයයේ නවකවධ විරෝධී ව්‍යාපාරයක් ඇරැඹූ අතර, වැඩි කල් නො ගොස් බොහෝ සහෝදර
සරසවි සිසුහු ඔහු ගේ මානුෂික මෙහෙයුම සමඟඅත්වැල් බැඳ-ගත්හ. 2002ක්
වූ නොවැම්බර 07 වැනි දා අන්තවාදී ශිෂ්‍ය කල්ලියක් විසින් ඔහු අමානුෂික ලෙස
වධහිංසනයට ලක් කිරීමෙන් අනතුරු ව පරිගණක මොනිටරයකින් ගසා හිස පොඩි පට්ටම් කොට විශ්වවිද්‍යාලය
තුළ දී ම මරා-දමන ලදී. ඔහු ගේ ඝාතනය සැලැසුම් කළ මහ මොළකරුවකු වන සුජිත් කුරුවිට
නැමැත්තා තම දේශපාලන හයිකාරකම්වලට පින් සිදු වන්නට සියලු චෝදනාවලින් නිදහස් විය.
හේතෙමේ අද යෙහෙන් වැජැඹේ. ඕවිටිගල විතානගේ සමන්ත නම් ශිෂ්‍ය වීරයාණන් ගේ ඝාතනයෙන්
පසු නවකවධ විරෝධී ශිෂ්‍ය ව්‍යාපාරය පසු බට වූ අතර හිංසනය සහ පරපීඩකත්වය යළිත් ශ්‍රීලාංකේය
විශ්වවිද්‍යාලය පද්ධතියෙහි හිස එසැවී ය.
ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම්:2012/2013
ශ්‍රී ලාංකේය ශ්‍රේණිගත කිරීම
|
ජගත්
ශ්‍රේණිගත කිරීම
|
විශ්වවිද්‍යාලයය
|
01
|
2150
|
මොරටුව විශ්වවිද්‍යාලයය
|
02
|
2255
|
කොළඹ විශ්වවිද්‍යාලයය
|
03
|
2353
|
රුහුණ විශ්වවිද්‍යාලයය
|
04
|
2973
|
පේරාදෙණි විශ්වවිද්‍යාලයය
|
05
|
4508
|
කැලණිය විශ්වවිද්‍යාලයය
|
06
|
5969
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය
|
07
|
8163
|
යාපනය විශ්වවිද්‍යාලයය
|
08
|
8509
|
ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාව
|
09
|
8708
|
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයය
|
10
|
10538
|
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයය
|
11
|
11258
|
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය
|
12
|
12124
|
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයය
|
13
|
12924
|
රජරට විශ්වවිද්‍යාලයය
|
14
|
13282
|
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයය
|
15
|
13541
|
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයය
|
16
|
14219
|
ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ ආයතනය
|
17
|
14366
|
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයය
|
18
|
14428
|
ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ
ආයතනය, ශ්‍රී ලංකාව
|
19
|
14944
|
විද්‍යා පශ්චාද් උපාධි ආයතනය
|
20
|
15053
|
කාර්මික තාක්ෂණ ආයතනය
|
21
|
15413
|
කෘෂි විද්‍යා පශ්චාද් උපාධි ආයතනය
|
22
|
15546
|
මූලික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාව
|
23
|
15749
|
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලයය
|
24
|
16033
|
තාක්ෂණ විඥාපන විද්‍යායතනය, ශ්‍රී
ලංකාව
|
25
|
16090
|
ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්ප ආයතනය
|
26
|
16503
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය
|
27
|
16799
|
බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයය
|
28
|
16885
|
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන
ආයතනය
|
29
|
18889
|
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය
|
30
|
19247
|
ඉංජිනේරු තාක්ෂණ ආයතනය
|
මූලාශ්‍රයය:
www.lankauniversity-news.com
අප්‍රිකාවේ
සරසවිවලටත් දෙ වැනි වනසිරි ලක සරසවි
මේ
වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයවලට වඩා වැඩි අන්තර්ජාතික තලයේ පිළිගැනීමක් අප්‍රිකාවේ
විශ්වවිද්‍යාලයවලට හිමි ව තිබේ.2012 වසරේ ජගත් විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම්වලට
(World University Ranking) අනුව
උගණ්ඩාවේ මැකරෙරේ විශ්වවිද්‍යාලයය (MakerereUniversity) ශ්‍රී ලංකාවේ සියලු උසස් අධ්‍යාපන
ආයතනවල ආධ්‍යාපනික ප්‍රමිතිය අබිබවමින් 1174 වැනි ස්ථානයට හිමිකම් කියයි. ඉඩී
අමීන් ගේ උගණ්ඩාවටත් වඩා දැන් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය සියල්ල බාල්දු වී හමාර
ය! 2012 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව මොරටුව විශ්වවිද්‍යාලයය 2 150 වැනි ස්ථානයටත්,
කොළඹ විශ්වවිද්‍යාලයය 2 255 වැනි ස්ථානයටත්, රුහුණ විශ්වවිද්‍යාලයය 2 353 වැනි
ස්ථානයටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයය 2 973 වැනි ස්ථානයටත් ඇදැ-වැටී තිබේ. මේ
වනාහී අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉතා ම පහත් අඩියකි.3
අවප්‍රමිතියක අධ්‍යාපනයක් සමඟ සිරි ලක
සරසවි ඔට්ටු වෙමින් සිටිය දී ශ්‍රේණිගත කිරීම් අතර 1 319 වැනි තැනට නැමිබියාවේ
බහුතාක්ෂණ ආයතනයත් (Polytechnic
of Namibia), 1
394 වැනි තැනට සුඩානයේ ඛාර්තොවුම් විශ්වවිද්‍යාලයයත් (University of Khartoum,
Sudan), 1
435 වැනි තැනට එරට නයිරෝබි විශ්වවිද්යාලයයත් (University of Nairobi, Sudan)
පැමිණ සිටී. තව ද ඊජිප්තුවේ මන්සොවුරා විශ්වවිද්‍යාලයය (University of Mansoura,
Egypt) 1
685 වැනි තැනට ද, ඝානාවේ විශ්වවිද්‍යාලයය (University of Ghana) 1 797 වැනි තැනට ද, ඉතියෝපියාවේ
අඩිස් අබා විශ්වවිද්‍යාලයය
(University of Addis Abba, Ethiopia) 1 903 වැනි තැනට ද, ටැන්සානියාවේ
දාර් එස් සලාම් විශ්වවිද්‍යාලයය (University of Dar Es Salaam, Tanzania) 1
977 වැනි තැනට ද, සුඩානයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයය (University of Science
& Technology, Sudan) 2 020 වැනි තැනට දපත් ව තිබේ. මේ
රටවල් අතරින් අතිමහත් බහුතරයක සාක්ෂරතා මට්ටම ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවට වඩා අඩු ය.
එසේ වුව ද ජගත් කරළියේ දී ශ්‍රී ලංකාවේ සියලු සරසවි පැරැදැවීමට මේ රටවල් සමත් වී
තිබේ!
වහා
ම ක්‍රියාත්මක විය යුතු යි
පසු ගිය දසක හතරක් තිස්සේ ශ්‍රී
ලාංකේය විශ්වවිද්‍යාලය සියල්ල ම ඉතා කනගාටු දායක ලෙස අධ්‍යාපනය හා සදාචාරය යන උභය
පාර්ශ්වයෙන් ම පරිහානියට වැටෙමින් තිබේ. එක්තරා අවදියක උසස් අධ්‍යාපනයේ සහ ශාස්ත්‍රීයත්වයේ
පුරෝගාමී පරමාදර්ශ ලෙස පැවැති ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය අද වන විට පරිහානියේ
අගාධයට ම ඇද-වැටී ඇත. ආධ්‍යාපනික පර්යේෂණ කටයුතු අතින් වර්තමානයේ දී සිරි ලක සරසවි
සාතිශය අවගාමී ය. ඉහත දැක්වුණු පරිදි ශ්‍රී ලංකාවට වඩා අඩු සාක්ෂරතා මට්ටමක් ඇති
අප්‍රිකානු රටවල විශ්වවිද්‍යාලය පවා මේ වන විට සිරි ලක සරසවි අබිබවා ගොස් තිබේ.
මේ තත්ත්වය වෙනස් කොට සිරි ලක සරසවිවල
ආධ්‍යාපනික ප්‍රමිතිය නංවා-ලීම සඳහා ඒවාහි නිදන්ගත රෝගයක් සේ පවතින කායික හා
ලිංගික වධහිංසනය මුලිනුපුටා දැමිය යුතු ය. මෑතක දී උසස් අධ්‍යාපන අමාත්‍ය, එස්.
බී. දිසානායක විසින් ජනමාධ්‍ය වෙත කියා-සිටිනු ලැබුවේ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලයවල
අධ්‍යාපනය ලැබීම සඳහා විදෙස් සිසුනට ආරාධනා කිරීමට තමා බලා-පොරොත්තු වන බව යි.
එහෙත් මෙරට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයේ පවත්නා අවප්‍රමිතිය, අමානුෂික වධහිංසා
කිරීම් හා වර්ජන-ගර්ජන හේතුවෙන් වැඩි දුර අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට
පෙර සිහි බුද්ධිය ඇති විදෙස් සිසුන් දෙ තුන් වතාවක් කල්පනා කැරැ-බලනු නියත ය.
අධ්‍යාපනය වරප්‍රසාදයක් නො වේ; එය
මානව අයිතියකි. ශ්‍රී ලාංකිකයන් ගේ එක ම අනාගත බලා-පොරොත්තුව සහ විමුක්ති මාර්ගය
උසස් අධ්‍යාපනය යි. එය කෙලෙසීමට කිසිවකුට ඉඩ නො තබමු! නිදහස් අධ්‍යාපනය සුරකිමු!!!
වැඩි
දුර කියැවීමට:
රත්නසිරි බණ්ඩාර, එස්.එම්., (2002). නවක වධය සහ නවක සතුට.හෙට්ටිමුල්ල: කොලිටි ප්‍රින්ටර්ස්.
ISBN 955-96223-2-X
පහටි සටහන්
1. මෙය දර්ශනී විමලසූරිය විසින් රචනා කරන ලද “Sri Lankan Universities Falling Apart" නම් ලිපියේ සිංහල පරිවර්තනය යි. ඒ ලිපිය මුල් වරට 2013. 12. 11 වැනි දා “Sri Lanka Guardian”වෙබ් අඩවියේ පළ විය. පරිවර්තනය ක. ක. ගනුෂ්ක රන්දුල විසිනි. http://www.srilankaguardian.org/2013/12/sri-lankan-universities-falling-apart.html
2. නවක වධයේ නවතම ගොදුරු කිහිපයක් පිළිබඳ ව පසුගිය දා වාර්තා විය. 2011 වසරේ දී පේරාදෙණි සරසවියේ පළමු වසර
සිසුවකු ව සිටිය දී අමානුෂික ලෙස නවකවධයට ලක් වූ දික්-ඕවිට කංකානම්ගේ නිශාන්ත
නැමැති කලා පිඨ ශිෂ්‍යයා එයින් තෙවසරකට පසු, 2014 වසරේ ජනවාරි මස අග දිනෙක
විශ්වවිද්‍යාලයය අසල ලැහැබක දී ගෙල වැලලා-ගෙන සිය දිවි නසා-ගත්තේ ය. නරක් වී තුබුණු ඔහු ගේ සිරුර සති දෙකකට පසු සොයා-ගැනිණි.
සබරගමු සරසවියේ පළමු වසරේ ඉගැනුම ලැබූ අමාලි චතුරිකා නම් කලා පීඨ ශිෂ්‍යාව ද අමානුෂික නවක වධයෙන් කායික සේ ම මානසික පීඩාවට පත් ව 2015 පෙබරවාරි 16 වැනි දා සිය දිවි නසා-ගත්තා ය. තම මරණයට වග කිය යුත්තේ තමා නවක වධයට පත් කළවුන් බවත්, අවමඟුල සඳහා සරසවියේ කිසිවකුට පැමිණීමට ඉඩ නො දිය යුතු බවත් මිය යාමට ප්‍රථම ඇය ලියා තැබූ ලියුමෙහි සඳහන් ව තිබිණි,
සබරගමු සරසවියේ පළමු වසරේ ඉගැනුම ලැබූ අමාලි චතුරිකා නම් කලා පීඨ ශිෂ්‍යාව ද අමානුෂික නවක වධයෙන් කායික සේ ම මානසික පීඩාවට පත් ව 2015 පෙබරවාරි 16 වැනි දා සිය දිවි නසා-ගත්තා ය. තම මරණයට වග කිය යුත්තේ තමා නවක වධයට පත් කළවුන් බවත්, අවමඟුල සඳහා සරසවියේ කිසිවකුට පැමිණීමට ඉඩ නො දිය යුතු බවත් මිය යාමට ප්‍රථම ඇය ලියා තැබූ ලියුමෙහි සඳහන් ව තිබිණි,
3.එහෙත් විකිපීඩියා අන්තර්ජාල
විශ්වකෝෂය දක්වන පරිදි ලොව අමානුෂික ම නවකවධය පවතින උසස් අධ්‍යාපන ආයතන අතර සිරි
ලක සරසවිවලට ප්‍රථම ස්ථානය හිමි වෙතැ යි කියනු ලැබේ.
බලන්න “Ragging in Sri Lanka” නම් ලිපිය.
බලන්න “Ragging in Sri Lanka” නම් ලිපිය.